ගෝල්ෆේස් ප්‍රහාරය ගැන එක්සත් ජාතීන්ගෙන් අනතුරු ඇඟවිමක්..!

විරෝධතා පැවැත්වීමට සහ සාමකාමීව රැස්වීමට තිබෙන අත්හල නොහැකි අයිතිය යටපත් කරන ක්‍රියාමාර්ග ගැනීමෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික හා දේශපාලන අස්ථාවරත්වය තවදුරටත් නරක අතට හැරිය හැකි බව ට්විටර් පණිවිඩයක් යොමුකරමින් එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත හනා සිංගර් අනතුරු අඟවා ඇත.

පසුගිය 22 දා අලුයම කොළඹදී සන්නද්ධ හමුදා විසින් විරෝධතාකරුවන්ට එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් ඇය මෙහිදී දැඩි කනස්සල්ල පළ කර තිබේ. එහිදී ඇය ප්‍රකාශ කරන්නේ විරෝධතාකරුවන් විසුරුවා හැරීමට බලය යෙදවීම ගැන එක්සත් ජාතීන්ගේ දැඩි සැලකිල්ලක් ඇති බවයි. මාධ්‍යවේදීන්ට සහ මානව හිමිකම් ආරක්‍ෂකයින්ට පෙළපාලි නිරීක්‍ෂණය කිරීමට අයිතියක් ඇති බවත් ඔවුන්ගේ කටයුතුවලට බාධා නොකළ යුතු බවත් ඇය වැඩිදුරටත් එහිදී ප්‍රකාශ කර ඇත.

Social Sharing
නවතම පුවත්