මන්ත්‍රීවරුන්ට එල්ල වෙන තර්ජන හොයන්න පොලීසිය මැදිහත් වෙයි

හෙට දිනයේ පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ජනාධිපති ඡන්ද විමසීමට අදාළව මන්ත්‍රීවරුන්ට සමාජ මාධ්‍ය ඔස්සේ තර්ජන එල්ලවෙමින් ඇතැයි මන්ත්‍රීවරුන් පිරිසක් කතානායකවරයාට පැමිණිලි කර තිබේ.

එනම් රනිල් වික්‍රමසිංහ මහතාට ඡන්දය ලබා දුනහොත් නරක ප්‍රතිඵල වලට මුහුණ දීමට සිදුවූ බවට එම තර්ජන වල ඇතුළත් බව ඔවුන් පවසා තිබේ.

පසුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අදාළ සිදුවීම් සහ සමාජජාලාවල පළවෙන පලකිරීම පිළිබඳව විමර්ශනය කරන ලෙස පොලිස්පතිවරයා වෙත ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

එසේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අයුතු ලෙස බලපෑම් කිරීම දඬුවම් ලැබිය හැකි බව වරදක් බව පවසන පොලිසිය සමාජ ජාලා වල තර්ජනාත්ම ලිපි පල කිරීම ගැන නිරීක්‍ෂණය කරමින් සිටින බවද සදහන් කරයි.

Social Sharing
නවතම