පෝලිමෙන් යනකම් තෙල් නෑ – ඇමති

සිපෙට්කෝ ඉන්ධන පිරවුම් වෙත ඉන්ධන නිකුත් කරනු ලබන්නේ ඒවා අසල තවමත් පෝලිම්වල රැඳී සිටින ජනතාව ඉවත්වුණොත් පමණක් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කරයි.

ඔහු ජනතාවගෙන් ඉල්ලාසිටින්නේ සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් අසල රැඳී නොසිටි ගෙදර යන්න කියා ය. ඉන්ධන නියමිත පරිදි ලබාදීම සඳහා ඉදිරියේ දී ජාතික ඉන්ධන බලපත්‍රය අනිවාර්ය කරන බවද පැවසන ඔහු වාහනයේ ලියාපදිංචි අංකයේ අවසාන ඉලක්කම අනුව අදාළ දිනයේදී පමණක් ඉන්ධන ලබා ගත හැකි බව ද ප්‍රකාශ කරයි.

මෙම නව ක්‍රමය ආරම්භ කරන දිනය නුදුරේදීම දැනුම්දෙන බව ද ඉන් අනතුරුව සෑම වාහනයකට ම සතියකට සෑහෙන ඉන්ධන කෝටාවක් ලබාදෙන බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

Social Sharing
නවතම පුවත්