හිටපු ජනපතිට සිංගප්පූරුවෙන් යන්න කියයි

ආරක්ෂක හේතු මත දින 15ක් ඇතුළත සිය රටින් පිටවන ලෙස සිංගප්පූරු රජය ලංකාවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂහට දැනුම් දීමක් කොට ඇති බවමව්රටපුවත්පත වාර්තා කරයි.

පසුගිය බදාදා දිනයේ හමුදා ගුවන් යානයකින් ලංකාවේ සිට මාලදිවයින දක්වා පියාසර කළ ජනාධිපතිවරයා ඉන් අනතුරුවමාලදිවයිනේ සිට සෞදි ගුවන් සේවයට අයත් යානයකින් සිංගප්පූරුව බලා පැමිණ මේ වනවිට එරට සිටින හිතවතකුට අයත් තට්ටුනිවාසයක රැදී සිටින බව දැනගන්නට ඇත.

නමුත් ඊයේ දිනයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා මුණගැසීමට පැමිණ ඇති සිංගප්පූරු රජයේ ස්වදේශ කටයුතු අමාත්‍යකාසිවිශ්වනාදන් ෂන්මුගම් මහතා දැනුම් දී ඇත්තේ ආරක්ෂක හේතු මත තවදුරටත් හිටපු ජනාධිපතිවරයාට සිංගප්පූරු රජයේආරක්ෂාව ලබා දිය නොහැකි බවත්, දින 15ක් ඇතුළත සිංගප්පූරුවෙන් පිටව යාමට කටයුතු කරන ලෙසත්ය.

එනම් ඉන්දුනීසියාවේ පැවැති G 20 සමුලුවට සහභාගී වී සිටි සිංගප්පූරු ආරක්ෂක අමාත්‍යවරයා නැවත සිංගප්පූරුව බලාපැමිණීමෙන් පසු මතුව ඇති තත්ත්වය සමාලෝචනය කර මෙම තීන්දුව ගෙන ඇති බවද දැනගන්නට ඇත.

කෙසේවෙතත් වාර්තා වන අන්දමට මතුව ඇති නව තත්ත්වය යටතේ ගෝඨාභය රාජපක්ෂ වහාම ඉන්දීය බලධාරීන්ට කතා කොටතමන්ට ඉන්දියාවට ඇතුලුවීමට අවස්ථාව සලසා දෙන ලෙසට ඉල්ලීමක් කොට තිබේ.නමුත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කොට ඇතිඉන්දීය රජය පෙන්වා දී ඇත්තේ තමන්ට ශ්‍රී ලාංකික ජනතාවගේ අභිලාෂයන්ට එරෙහිව යා නොහැකි බවකි.

එමෙන්ම ලංකාවෙන් පිටව යාමේදී ඉන්දීය බලධාරීන් ලංකාවේ සුමට දේශපාලන බල හුවමාරුවකට අවස්ථාව සලසා දෙන ලෙසගෝඨාභය රාජපක්ෂගෙන් ඉල්ලීමක් කර තිබුණද එය ඉටු කොකිරීම හේතුවෙන් ඔවුන් කනස්සල්ලෙන් පසුවන බවද දැනගන්නටතිබේ.

Social Sharing
නවතම