කොරෝනා යළි හිස ඔසවයි..?

දෛනිකව කොරෝනා ආසාදිතයින් වාර්තා වීම සුළු වශයෙන් ඉහළ යමින් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එනම් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ, පසුගිය දිනවල 10කට පමණ සීමා වූ දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව, මේ වන විට 25 ක් පමණ දක්වා ඉහළ ගොස් ඇති බවය.

පවතින ආර්ථික අර්බුදය හමුවේ උද්ගත වී ඇති බෙහෙත් හිඟය මෙන්ම වසංගතය පැතිර යාම වළක්වා ගැනීමට සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන්නැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ජනතාවගෙන් ඉල්ලීමක් කළේ ය.

Social Sharing
නවතම