සමහර ගුවන් සමාගම් ලංකාවට පියාසර කිරීම නැවතිලා

සමහර ගුවන් සමාගම් ඉන්ධන ගබඩාකරණය දුර්වලවීම හේතුවෙන් සිය ගුවන් යානා ශ්‍රී ලංකාවට පියාසර කිරීම තවදුරටත් අඩුකර ඇතැයි ගුවන් සමාගම් නියෝජිතයන් පිරිසක් වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා මහතාට දැනුම්දීඇතැයි එම අමාත්‍යාංශ ආරංචි මාර්ගවලින් පැවසේ.

සමහර ගුවන් සමාගම් ශ්‍රී ලංකාවේ ඉන්ධන හිඟය නිසා මේ දිනවල ඉන්ධන ලබා ගන්නේ ඉන්දියාව ඇතුළු අසන්න රටවලින් බවවරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.

මෙරටට පැමිණෙන ගුවන් යානා තවදුරටත් අඩු වුවහොත් සංචාරක කර්මාන්තය,අපනයනය විදෙස් ආයෝජනවලට සහ ශ්‍රීලංකාවෙන් විදේශ රැකියා සඳහා යන අයට එය තදින්ම බලපෑ හැකි හෙයින් පවතින නීතිරීති සංශෝධනය කර හෝ මෙමඅවස්ථාව ජයගත යුතු බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මේ අතර මේ ප්‍රශ්නයට විසඳුමක් ලෙස පෞද්ගලික අංශයේ ඉන්ධන තොග ගබඩා කරුවන්ටද ගුවන්යානා ඉන්ධන ගෙන්වීමටඅවසර ලබාදීමට රජය දැනටමත් තීරණයක් ගෙන ඇත.

මේ සඳහා කැබිනට් මණ්ඩලයේද අනුමැතිය ලැබී ඇත.

විදේශීය සංචාරකයන් පැමිණීමද ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික තත්ත්වය සහ ඉන්ධන හිඟය හේතුවෙන් සැලකිය යුතු ලෙස අඩු වීඇතැයි රජයේ ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.

( ලංකාදීප )

Social Sharing
නවතම