ගිංතොට ඉස්කෝලේ පුංචි සිබිල්

1928 අවුරුද්දේ ඔක්තෝම්බර් 31 වෙනි දවසේ, ගිංතොට ගෙදරක පුංචි කෙල්ලක් ඉපදුනා. සහෝදර සහෝදරියන්හතරදෙනෙක්ගේ පවුලක තුන්වැනියා විදියට උපන්න මේ කෙල්ලට ලැබුණු නම “සිබිල්”. අවුරුදු 4 සම්පූර්ණ වෙද්දී ගිංතොටබෞද්ධ මිශ්‍ර පාඨශාලාවට ඇතුළත් කෙරුණා. හැබැයි වැඩි කාලයක් මේ ඉස්කෝලෙට යන්න පුංචි සිබිල්ට පුළුවන් වුණේ නැහැ. ඒතමන්ට හුරුපුරුදු ගම අත හැරලා, පවුල පිටින් ම කොළඹ නගරේ පදිංචියට එන්න ඇයට සිද්ධ වුණු නිසා.

තමන්ගේ දරුවන්ට ඉංග්‍රීසි අධ්‍යාපනයක් ලබාදීමේ බලාපොරොත්තුවක් සිබිල්ගේ  දෙමාපියන්ට තිබුණා. ඒ නිසා ම සිබිල් වඇතුළත් කෙරුණේ බම්බලපිටිය ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයට.

ගමෙන් වෙන්වෙලා ආවත්, සය අවුරුදු දැරියක් විදියට තමන් දැකපු ගමේ සිරිය, ඒ ලෙන්ගතුකම් පුංචි සිබිල්ට අමතක වුණේනැහැ. රටක්, ලෝකයක් ආදරය කරන, පරම්පරා ගාණකට අමතක නොවන සිහිවටන රැසක් දායාද කරපු දයාබර සිබිල් නැන්දාබවට පත් වෙන්න ඇයට අඩිතාලම වැටුණේ එතැනින්.

අවුරුදු හතරේ ඉඳන් බිත්ති පුරා අඟුරු කෑල්ලෙන් චිත්‍ර ඇඳපු පුංචි සිබිල්ගේ කලා හැකියාව ඔප් නැංවෙන්න ගත්තේ බම්බලපිටියේඉස්කෝලේ ඉගෙනගන්න කාලෙ දි. පාඩම් වෙලාවේදිත් ඔය පොත් පිටක් අරගෙන චිත්‍රයක් බලි කුරුටු ගාපු නිසා වේවැල් කසාය කාපුවේලාවලුත් අනන්තයිලු. ඒත් පසු කාලෙක දි චිත්‍ර සම්බන්ධ දේවල්වල දි සිබිල් ඉස්කෝලෙට නැතුව ම බැරි කෙනෙක් වුණා.

සිබිල්ගේ කලා හැකියාව හොඳින් ම දැක්කේ ඇගේ පියායි. ඒ වෙනුවෙන් ඇයට ඉඩ හසර සලසන්න ඔහු හැම වෙලාවේ ම කටයුතුකළා. ලංකා කලා සංගමය විසින් පවත්වපු චිත්‍ර ප්‍රදර්ශනයකට ඇගේ චිත්‍රයක් ඉදිරිපත් වෙන්නෙත් එහි ප්‍රතිඵලයක් විදියට. පහළොස් හැවිරිදි සිබිල් ඇඳපු මේ චිත්‍රය, ඒ ප්‍රදර්ශනය නරඹන්න ආව එච්. ඩී. සුගතදාස මහත්මයාගේ විශේෂ අවධානයට යොමුවුණා. ඒ වෙද්දී නවමග අතිරේක කියවීම් පොත් පෙළේ සම්පාදකවරයා විදියට කටයුතු කළේ ඔහු, එහි පස් වැනි ශ්‍රේණියේපොත්වලට චිත්‍ර අඳින ලෙසට සිබිල් ට ආරාධනා කළා. තමන්ගේ ජන්ම හැකියාව වෘත්තීමය තත්ත්වයට ගේන්න ඇයට හැකියාවලැබුණේ එයින්.

වෘත්තීමය කලා ජීවිතය

නවමග අතිරේකේ චිත්‍ර අඳිමින් ඉඳපු සිබිල්, ලංකාදීප පුවත්පතේ මාධ්‍යවේදිනියක්‌ බවට පත්වෙද්දී ඇයට අවුරුදු 19ක් සපිරුණාවිතරයි. අවුරුදු 28ක් ඇය ලේක්හවුස් ආයතනයේ සේවයේ නිරත වුණා. මේ විදියට ඇරඹුණු ඇගේ කලා ගමනට අද වෙද්දී අවුරුදු70කට කිට්ටු කාලයක් ගත වෙලා. ඒ දශක හතේ හැම දවසක් ම ගෙවුණේ ළමයින් උදෙසා චිත්‍ර, කතාන්දර නිර්මාණය කරන්නයි.

උපුටාගැනීම : ෆේස්බුක්

Social Sharing
අවකාශය