සියඹලාණ්ඩුව මූලික රෝහලත් වැසේ

ඉන්ධන අර්බුදය හේතුවෙන් තවත් රෝහලක් වසා දැමීමට සිදුව තිබේ. එනම් අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස නම් කරමින්සෞඛ්‍ය සේවයේ රෝහල් කාර්යය මණ්ඩල වෙත ඉන්ධන පිරවුම්හල් වලින් ඉන්ධන ලබා ගැනීමට සිකුරාදා දිනය වෙන්කොටප්‍රමුඛතාවය ලබා දී ඇතත් සඳහා කිසිදු ක්‍රමවේදයක් නොමැතිවීම හේතුවෙන් මෙය සිදුවී ඇත.

සියඹලාණ්ඩුව මූලික රෝහලේ දෛනික කටයුතු පවත්වාගෙන යාමට නොහැකිව මෙසේ වසා දැමු බව වාර්තා වේ.

එසේම රෝහලේ ළමා රෝග වෛද්‍යවරයා ඉන්ධන ලබාගන්න පැය 17ක් පෝලිමේ සිටි බව පැවසේ.

මේ අනුව ඉන්ධන අරබුදය හේතුවෙන් වසා දැමුණු හතර වන රෝහල මෙය බවට පත්විය.

Social Sharing
නවතම