බනින්න පෙර සිතා බලනු…!

‘බනින්න පෙර සිතා බලනු’ කියලා මරු යූ ටියුබ් වීඩියෝ එකක් බැලුවා. ඒ වීඩියෝ එකේ කේ. සුජීවා සහ එයාගේ දුව අංජලී රාජ්කුමාර් දෙන්නා එකතුවෙලා තමන්ගේ ෆේස්බුක් වීඩියෝස්වලට වැටෙන කමෙන්ට්ස් රිවීව් කරනවා. ඒක බලන අපි හිනා කාලා මැරෙනවා.

කේ.සුජීවා කියන්නේ මෑත කාලේ මම දැක්ක ආටිස්ට්ලා අතරින් Sense of humor කියන දේ උපරිමෙන් ම පිහිටලා තියෙන කෙනෙක්. ඕනෑම කාරණයක් ගැන කතා කරනකොට වෙලාවකට ඉතා සැහැල්ලුවෙන් හිනාවෙන්නත්, තවත් වෙලාවකට සීරියස් විදියට අදහස් දක්වන්නත් එක පාරට ම ඩ්‍රැමටික් එක්ස්ප්‍රෙෂන් දෙන්නත් සුජීවාට තියෙන හැකියාව හරි විස්මයජනකයි. සුජීවාගෙයි, අංජලී – රෝස් කියන දුවලා දෙන්නාගෙයි ෆේස්බුක් වීඩියෝස්වලට වැටෙන hate speeches ඔක්කොම අම්මයි දුවයි එකතුවෙලා roast කරන එක අමුතු ම ලෙවල් එකක එන්ටර්ටේනිං එක්ස්පීරියන්ස් එකක්.

ඔන්න එක වෙලාවක අංජලී කමෙන්ට් එකක් කියවනවා. ඒකේ තියෙන්නේ ‘Sex’ කියලා විතරයි. කේ. සුජීවා ඉස්සරහට පාත් වෙලා අංජලීගේ ෆෝන් එකට එබෙන ගමං උරහිස්සෙන් ඇණලා අහනවා ‘මොකක්ද ඒ ? උඹ හෙළුවෙන්වත් හිටියද ?’ කියලා.

අංජලී කියවන කමෙන්ට් එකක ‘කාලකණ්ණි බැළලියෝ.අම්මත් එකයි දූලාත් එකයි’ කියලා සිංග්ලිෂ්වලින් ලියලා තියෙනවා. කේ. සුජීවා එතකොට ‘බැxxයෝ’ කියලා ඒ වචනේ හරි ගස්සනවා. ඊ ළඟ ෂොට් එකේ පෙන්නන්නේ කේ. සුජීවා ඔඩොක්කුවේ පූසෙක් තියාගෙන උගේ ඔළුව අත ගගා ‘බැළලියෝ කියන්නේ මේකට’ කියලා අංජලීට පෙන්නන හැටි. එතකොට අංජලී ‘මේ පූසෙක් අම්මා’ කියනකොට කේ.සුජීවා ‘ඒකට තමයි බැළලි කියන්නේ’ කියලා තේරුම් කරනවා. අංජලී ‘ආනේ’ කියලා කොණ්ඩේ අතින් හදන ගමං අම්මා දිහා බලාගෙන ‘අපි පූසෝ ?’ කියලා විස්මයාර්ථය දනවන ඉරියව්වක් පළ කරනවා. කේ. සුජීවා වගේ වගක් නැතිව අනික් පැත්තට උත්තර දෙනවා. ‘නෑ. ඒක බැxxයෝ බං’

දෙමළ පිරිමි කෙනෙක් සිංග්ලිෂ්වලින් කමෙන්ට් කරලා තියෙනවා ‘ඔය රෝස්ට අපි ආදරෙයි.ඒ කෙල්ලව නැති කරන්න එපා බං මෝඩ ගෑනු දෙන්නා’ කියලා. අංජලී එක පාරට ම උස් හඬින් ‘හරි එහෙනම් උඹ හදාගනිංකෝ’ කියද්දි කේ.සුජීවාත් ‘උඹ හදාගනිංකෝ. මාසෙකට කීයක් වියදම් වෙනවාද කියලා බලපං’ කියලා ඒකට එකතු වෙනවා.

හරියට කල්පනා කළොත් මේ වීඩියෝ එකේ එළියට පේන එන්ටර්ටේනිං පැත්ත වගේ ම බාහිරට නොපෙනෙන වෙනත් මානයක් තියෙනවා. ‘ගැහැනිය වනාහි කැමරාවක් දුටු දුටු තැන තමන්ගේ ජීවිතයේ අතීත දුක් කම්කටොළු ගැන ඉන්ටර්වීව් දිදී වැලපෙන දිගු කොණ්ඩයක් සහිත නොනිමෙන කඳුළු ග්‍රන්ථියකි’ විදියට හැදුණ නූතන සමාජ කියවීමට කේ. සුජීවා සහ අංජලී රාජ්කුමාර් එකතුවෙලා විනෝදයෙන් හිනා වෙමින් ම මරු පහරක් එල්ල කරනවා.

කෙටියෙන් ම කිව්වොත් මේ වීඩියෝ එක WOW

– සහන් කසීර වික්‍රමසිංහ –

Social Sharing
නවතම විශේෂාංග