නාමල්ගේ බිරිඳ සහ ඇයගේ දෙමාපියන් රට පනී ?

අමාත්‍ය නාමල් රාජපක්ෂගේ බිරිඳ ලිමිනි රාජපක්ෂ සහ ඇයගේ දෙමාපියන් අද (3) උදෑසන රට හැරගොස් ඇති බව ඩේලිමිරර් වෙබ් අඩවිය සිය පුවතක් මගින් තහවුරු කර ඇත.

ලිමිනි රාජපක්ෂ සහ ඇයගේ දෙමාපියන් දිවයිනෙන් පිටව ගොස් ඇත්තේ අප්‍රසිද්ධ ස්ථානයකට බව එම වාර්තාවේ දැක්වෙන අතර එම පිරිසට අමතරව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අනෙක් ලේලියන් දෙදෙනාද රට හැර ගොස් තිබේද යන්න අපැහැදිලි බව වාර්තා වෙයි.

කෙසේ වෙතත් ඩේලිමිරර් මෙම පුවතට ප්‍රථම මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර සිය මුහුනු පොත හරහා මෙම රට හැර යාම පිළිබඳව ඉගි පළ කර තිබුණ අතර එහිදී ඔහු ප්‍රකාශ කර තිබුණේ නාමල් රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ, බිරිඳගේ දෙමාපියන් මෙලෙස රට හැර යාම සඳහා සූදානම් බවයි. එම එෆ්බී පෝස්ටුවට නාමල් රාජපක්ෂ ප්‍රතිචාර දක්වමින් ප්‍රකාශ කර තිබුණේ තමන් රට හැර යාමට සිටිනවා යන්න වැරදි බවයි.

රාජපක්ෂ පවුල් පාලනයට විරුද්ධව ජනතාව පාරට බැස සිටින මෙවන් අවස්ථාවක මෙලෙස මෙම පිරිස රට හැර ගියේ ඇයිද යන්න සමාජයේ බරපතළ ප්‍රශ්නයකට තුඩුදී ඇත.

Social Sharing
නවතම