පැහැරගත් අනුරුද්ධ බණ්ඩාර අලුත් කඩේ උසාවියට

සමාජ ක්‍රියාකාරිකයෙකු සහ  Go Home Gota ෆේස්බුක් ගෲප් හි ඇඩ්මින් වූ තිසර අනුරුද්ධ බණ්ඩාර අද සවස 4 අළුත් කඩේඋසාවි සංකීර්ණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.  මේ සදහා නීතිඥවරු විශාල පිරිසක් මෙන්ම ඔහුට සහයෝගය දැක්වීමට පිරිස්උසාවි සංකීර්ණය අසල එකතු වී ඇති බව වාරතා වූහ.

ආරංචි මාර්ග අනුව ඔහු නිට්ටඹුවේ තම මිතුරෙකු ගේ නිවසේ සිටිය දී මධ්‍යම රාත්‍රී 12.15 පමණ සිවිල් ඇඳුමෙන් පැමිණි මෝදරපොලිසියේ යැයි කියනා පිරිසක් විසින් රැගෙන ගොස් තිබූ අතර පසුව මෝදර පොලිසියෙන් පිළිබඳව විමසීමේදී  ඔවුන් සඳහන්කළේ ඔහු පොලිස් භාරයේ නොමැති බවයි

පසුව ඔහු  ත්‍රස්ත විමර්ශන අංශයේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ සිටින බවත් ආරංචි මාර්ග ඔස්සේදැනගන්නට ලැබුණි

එමෙන්ම ඔහුව දණ්ඩ නීති සංග්‍රහයේ 120 (6)  වන වගන්තියට ප්‍රකාරව එනම් රාජ්‍ය විරෝධී වැරදි යටතේ රටේ ජනතාවගේහැගීම් අවුස්සා භේද කිරීම යටතේ අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.

එසේම ඔහුට මෙතෙක් කිසිදු ශාරීරික හිංසනයක් සිඳු වී නොමැතු බවට දැනැගැනීමට ලැබුණි.

Social Sharing
නවතම පුවත්