ඉන්දියාවෙන් පකිස්තානයට මිසයිලයක්

පසුගිය මාර්තු 9 වන දින නඩත්තු කටයුත්තක් හේතුවෙන් ඇති වූ කාර්මික දෝෂයක් නිසා ඉන්දියාවෙන් පාකිස්තානය වෙත මිසයිලයක් එල්ල වී තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් ඉන්දියානු ආරක්ෂක අමාත්‍යංශය පවසන්නේ නඩත්තු කටයුතු අතරතුර ඇති වූ මෙම සිද්ධිය නිසා ඔවුන් දැඩිසේ කණගාටු වන බවත් මේ පිළිබඳව දැඩි විමර්ශනයක් ආරම්භ කිරීමට ආරක්ෂක අමාත්‍යංශය කටයුතු කරන බවත් ය.
නමුත් මෙවැනි නොසැලකිලිමත්කම් අනාගතයේ අප්‍රසන්න ප්‍රතිවිපාක ගෙන දීමට හේතුවන බවත් මෙම හදිසි සිඳුවීම නිසා ඉන්දියාව තමන්ගේ මගී ගුවන්යානා ගමන් අනතුරේ හෙළා ඇති බවත් පාකිස්තානු රජය මාධ්‍යට ප්‍රකාශ කළේය.
කෙසේවෙතත් මෙම මිසයිල ප්‍රහාරයෙන් ජීවිත අනතුරක් සිඳු වී නොමැති බවට පාකිස්තානය සඳහන් කළේය. තව ද මෙම සිඳුවීම සම්බන්ධ විමර්ශනයේ තොරතුරු තමන් සමඟ හුවමාරු කරගන්නා ලෙස පකිස්තානු රජය ඉන්දියාවෙන් ඉල්ලා සිටියේය.
හේෂානී කරුණාරත්න 
Social Sharing
නවතම විදෙස්