යුක්‍රේනය නග්ගලා ගන්න හදන බටහිර

යුක්‍රේනය වෙත යුධ ආධාර ලබාදීමට බටහිර ප්‍රබල රටවල් පියවර ගනිමින් ඇතිබව විදෙස් පුවත් වාර්තා කරයි.

මේ අනුව ඇමරිකාව ජර්මනිය ප්‍රංශය සහ බ්‍රිතාන්‍ය  යන රටවලින් යුක්‍රේනයට යුධෝපකරණ සහ ඉන්ධන යැවෙනු ඇති.

සමහර මාධ්‍ය වාර්තාවන් ප්‍රකාශ කරන්නේ ඇමරිකා එක්සත් ජනපදය දැනටමත් ඩොලර් බිලියන 300කට වැඩි මුදල් ප්‍රමානයක් මේ සඳහා නිදහස් කර ඇති බවය.

මෙම තීරණයත් සමග යුරෝපයේ ධනවත්ම රාජ්‍යවන ජර්මනිය යුක්රේනය වෙත යුද ටැංකි නාශක අවි,  ගුවන්‍ යානා නාශක මිසයිල තොගයක් යැවීමට පියවර ගෙන ඇති බව දැනගන්නට ලැබේ.

මෙම තීරණයන් සමග මෙම යුද්ධ තත්ත්වය දීර්ඝකාලීන යුද්ධයක් බවට හෝ ලෝක මට්ටමේ යුද්ධයක් දක්වා හෝ වර්ධනය වනු ඇති බව ලෝකයේ ප්‍රකට යුද විශේෂඥයන් අනතුරු අඟවයි.

Social Sharing
නවතම