පුද්ගලයෙක් ගසක බැඳ මරලා..!

මධ්‍යම පාකිස්ථානයේ බානෙල්වාල්හි මැර පිරිසක් කුරානයේ පිටු පුළුස්සා දැමූ බවට චෝදනා කරමින් පුද්ගලයෙක් ගසක බැඳ ඝාතනය කර ඇත.

මේ වන විට මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 80කට වඩා වැඩි පිරිසක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව එරට පොලීසිය ප්‍රකාශ කරයි. එමෙන්ම සිද්ධියට මුහුණ දුන් පුද්ගලයා ආරක්ෂාව පතා අසල සිටි පොලිස් නිලධාරින් දෙදෙනෙකු වෙත දුව ගොස් ඇති බව ද ආරංචි මාර්ගවලින් ප්‍රකාශ වෙන අතරේ පකිස්ථාන අඟමැති ඉම්රාන් ඛාන් පැවසුවේ මෙහි අධිකරණ කටයුතුවලදී නීතියේ සම්පූර්ණ බලතල සමඟ කටයුතු කරමින් එම පුද්ගලයාට සාධාරණයක් ඉෂ්ට කිරීමට තමන් වඟ බලා ගන්නා බවයි. තවඳ තම රාජකාරිය පැහැර අරිමින් කටයුතු කළ එම පොලිස් නිළධාරීන්ට එරෙහිව දැඩි තීන්දු තීරණ ගන්නා බවඳ ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය.

 Islamic extremism A man has been killed in Pakistan  Islamic extremism A man has been killed in Pakistan

කෙසේනමුත් පොලිස් නිළධාරී මුනර්වා හුසේන් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ සිහිසුන්ව ගසක බැඳ සිටියදී තමන්ට එම පුද්ගලයා හමුවූ බවත් ඒ වන විටත් ඔහු ජීවිතයට සමුදී ඇති බවත්ය. මේ පිළිබඳව මානව හිමිකම් සංවිධාන පවසන්නේ පකිස්ථානයේ ඉස්ලාම් ආගම සම්බන්ධ නීතිරීති තුළින් අනෙක් සුළු ආගම්වලට දැඩි අසාධාරණයක් සිඳුවෙන බවයි. එමෙන්ම එම නිතිවලට මුලාවී මිනිසුන් තමන්ගේ පුද්ගලික තරහ පිරිමහන බවද එම සංවිධාන ප්‍රකාශ කරයි. මේ පිළිබඳව තම අවධානය යොමු කරමින් කටයුතු කරන්නැයි එම සංවිධාන අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටඇත.

මෙම සිද්ධිය සිඳුවන්නේ ආගම්වාදී පෝස්ටරයක් ගැලවීම හේතුවෙන් පන්ජාබ් ප්‍රාන්තයේ සියල්කෝට් නගරයේ දී ශ්‍රී ලංකාවේ ප්‍රියන්ත කුමාර මරා පුළුස්සා දැමීමෙන් මාස දෙකකට පසුවයි.

-හේෂානී කරුණාරත්න-

Social Sharing
නවතම විදෙස්