විදුලිය දෙවියන්ට භාරයි, බලාගාර බිඳවැටේ..!

රට තුළ උද්ගත විදුලි අර්බූදයෙන් ගොඩ එන්නට එක පහනක් හෝ නිවාදමන්නැයි ආණ්ඩුව දැන්වීම් පළකරන විට දිවයිනේ බලාගාර කිහිපයක් එක එක හේතුන් මත ක්‍රියාවිරහිත වී ඇතැයි වාර්තා වෙයි.

මේ අනුව පසුගිය 12 දා රාත්‍රියේ කෙවරලපිටිය වෙස්ට් කෝස්ට් විදුලි බලාගාරයේ හදිසි තාක්ෂණික දෝෂයක් හේතුවෙන් අක්‍රිය වී ඇති අතර එය තවමත් ජාතික පද්ධතිය හා එකතු කිරීමට හැකි වී නැත.

කැළණිතිස්ස සෝජිට්ස් බලාගාරය ද එම රාත්‍රියේම හදිසියේ බිඳවැටී ඇති අතර මේ වනවිට එය අලුත්වැඩියා කර නැවතත් පද්ධතියට එකතු කර ඇත.

ඉන්ධන නොමැති වීම හේතුවෙන් තුල්හිරිය විදුලි බලාගාරයේ කටයුතු ඊයේ රාත්‍රියේ සිට නවතා දමා ඇති බව වාර්තා වෙන අතර තාප බලාගාරවලට අවශ්‍ය දැවි තෙල් පිළිබඳ ප්‍රශ්නය තවමත් නිරාකරණය වී නැති පසුබිමක දෙයියෝ වැස්ස නොදුන්නොත් රටම කළුවරේ බව ලංවීම ඇතුලෙන් එන ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

Social Sharing
නවතම