ආසියාවේ 01 ට පැමිණි ගෞතම් අදානි

ආසියාවේ ධනවත්ම පුද්ගලයා යන නාමය දිනාගෙන සිටි මුකේෂ් අම්බානි දෙවන ස්ථානයට පත් කරමින්
ඉන්දියාවේ අදානි සමූහ ව්‍යාපාරයේ සභාපති ගෞතම් අදානි පත්ව තිබේ.

බ්ලූම්බර්ග් නවතම සංඛ්‍යාලේඛණ අනුව ගෞතම් අදානිගේ වර්තමාන වත්කම සටහන් වන්නේ අමෙරිකානු ඩොලර් බිලියන 88.5 ක් ලෙසය. කොවිඩ් වසංගත සමයේදීත් ඔහුගේ ආදායම සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවද වාර්තා වල සඳහන් වේ.

එමෙන්ම ඔහු කොළඹ වරායේ බටහිර පර්යන්තය ඇතුලු ලොව පුරා වරාය රැසක ආයෝජන සිදුකර තිබේ.

ආරංචි මාර්ග පවසන ආකාරයට මේ වන විට සමස්ත ලෝකයම සැළකීමේදී ගෞතම් අදානි ලොව 10 වන තැන හිමි ධනවත්ම පුද්ගලයා බවටද පත්වී ඇත.

Social Sharing
නවතම විදෙස්