ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ගියාද?

2003 වර්ෂයේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධුරය දරන සමයේ වසර 35ක කාලයකට බලපැවැත්වෙන පරිදි අත්සන් කෙරුණු  ත්‍රිකුණාමල තෙල් ටැංකි සම්බන්ධයෙන් වූ ගිවිසුම නව ගිවිසුමක් මගින් පසුගිය ජනවාරි 6 දා අහෝසි කෙරුණ අතර ඒ අනුව නව ගිවිසුම යටතේ අවුරුදු 50ක කාලයක් සඳහා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර එම තෙල් ටැංකි බෙදී යනු ඇත.

මෙම නව ගිවිසුමට අනුව ලංකා ඛනිජ තෙල් සංස්ථාවට තෙල් ටැංකි 24ක්, ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් සමාගමට ටැංකි 61ක්, ඉන්දියානු ලංකා තෙල් සමාගමට ටැංකි 14ක් අයිතිවෙනු ඇත.

උදය ගම්මන්පිළ අමාත්‍යවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ බලධාරීන් මෙය ඒකාබද්ධ ව්‍යාපෘතියක් වශයෙන් හැඳින්වූවත් බොරතෙල් ගෙන්වා ගැනීමට හෝ මුදල් නොමැතිව සිටින ඛනිජ තෙල් සංස්ථාව මේ සඳහා මුදල් ආයෝජනය කරන්නේ කෙසේදැයි ඉන්දීය මාධ්‍ය ප්‍රශ්න කරයි.

මෙම නව ගිවිසුමට පසුගිය 06 දා මුදල් අමාත්‍යාංශයේදී අත්සන් තැබුන අතර එහිදී රජය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. ආර්. ආටිගල, ඛනිජ තෙල් සංස්ථා සභාපති සුමිත් විජේසිංහ, ඛණිජ තෙල් සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ බුද්ධික මඩිගහේවා අත්සන් කළ අතර ලංකා ඉන්දියානු තෙල් සමාගම වෙනුවෙන් එහි කළමනාකාර අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා අත්සන් තබා ඇත.

Oil tanks in Trincomalee to India

Social Sharing
නවතම