අච්චුගහලා සල්ලි බෙදුවට ඩොලර් නෑ!

ආණ්ඩුව රාජ්‍ය සේවකයන් ආදී තෝරාගත් අංශයන් සඳහා ආර්ථික සහන ලබාදුන්නත් ඩොලර් හිඟය තවදුරටත් පවතින නිසා අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනයට තවදුරටත් බලපෑම් සිදුවෙමින් ඇති බව වාර්තා වෙයි.

මේ තත්ත්වය තුළ පසුගිය දා මාධ්‍ය වාර්තා කළේ ලිට්‍රෝ ගෑස් සමාගම මෑතකම ලබාගත් ගෑස් තොගය ණය පදනම මත ලබාගෙන ඇති බවය. ගෑස් මෙට්‍රික් ටොන් 3200ක් මෙලෙස ණය පදනම මත ගොඩබාන්න කටයුතු කර ඇති අතර එය එසේ කරගැනීමට නොහැකිවුණානම් දැනට පවතින ගෑස් හිඟය තවදුරටත් උග්‍ර වන්නට ඉඩ තිබුණ බව එම සමාගම මාධ්‍ය වෙත ප්‍රකාශ කරයි.

බැංකු වලින් ණයවර ලිපි නිකුත් නොකිරීම මෙම තත්ත්වයට හේතුවී ඇති අතර මේ හේතුව නිසා තවමත් කන්ටේනර් විශාල ප්‍රමානයක් වරාය තුළ සිරවී ඇත. සල්ලි අසීමිතව අච්චු ගසමින් ජනතාවට සහන වේශයෙන් මුදල් දෙන්නට හැකිවුණත් ඩොලර් අර්බූදයට විසඳුමක් සොයා නොගන්නා තෙක් ආර්ථික ගැටලුවට උත්තර නැති බව ආර්ථික විශේෂඥයන්ගේ මතය වී ඇත.

Social Sharing
නවතම