බැසිල් ලංකාවට, කැබිනට් සංශෝධනය ගැන කතා!

අද (01) උදෑසන මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇමරිකාවේ සිට පැමිණ ඇතැයි වාර්තා වෙයි.

අයවැය සම්මතවී පාර්ලිමේන්තුව වාරාවසාන කළ පසුව ඔහු සිය රටවන ඇමරිකාව වෙත සති තුනක කාලයක් සඳහා පිටත්ව ගිය අතර ඒ සමග කැබිනට් සංශෝධනය ගැන මෙන්ම ජනාධිපති ලේකම් පීබී ජයසුන්දරගේ ඉල්ලා අස්වීම පිළිබඳව බොහෝ කතාබහ රට තුළ සිදුවිය.

බැසිල් රාජපක්ෂගේ පැමිණිමත් සමග කැබිනට් මණ්ඩලයේ වෙනස් කම් පිළිබඳව මෙන්ම වර්තමාන අගමැති මහින්ද රාජපක්ෂ සිය ධුරයෙන් සමුගැනීම පිළිබඳවත් සාකච්ඡා කරන්නට නියමිත බව වාර්තා වෙයි.

Social Sharing
නවතම