“ඉන්ධන මිල වැඩි කළා මදි” කබ්‍රාල් අසතුටෙන්

පවතින ඉන්ධන ඉල්ලුම පහත දමාගෙන ඉන්ධන ගෙන්වන්නට වැයවෙන ඩොලර් ඉතිරි කරගැනීම සඳහා තමන් යෝජනා කළ ප්‍රමානයට ඉන්ධන මිල ඉහළ දැමුවේ නැතැයි මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මුදල් අමාත්‍යාංශය සමග අසතුටෙන් පසුවන්නේ යැයි දැනගන්නට ලැබේ.

මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ පවතින ඩොලර් අර්බුදයෙන් ගොඩ ඒමට නම් පෙට‍්‍රල් රුපියල් 35ක්, ඩීසල් රුපියල් 24ක් සහ භූමිතෙල් රුපියල් 11ක් යන ප්‍රමානවලින් මිල වැඩි කළ යුතු බවයි.

මේ පිළිබඳව ආණ්ඩුවේ ප්‍රබලයෙක්ගෙන් කරුණු විමසීමේදී ඔහු ප්‍රකාශ කළේ නැවත සැරයක් මිල වැඩිවීමක් හෝ ඉන්ධන ලබාදීමේ කූපනයක් හෝ මෙම අර්බූදයට විසඳුම ලෙස හඳුන්වා දෙන්නට බොහෝදුරට ඉඩ ඇති බවය.

Social Sharing
නවතම