මේ නිමේෂයෙ, ගැහැණු-පිරිමි සම්බන්ධතාවය ආදරය සහ ලිංගිකත්වයට අදාළව වැඩ කරන්නෙ මොන විදිහට ද? ඇත්තටම ආදරය කියලා දෙයක් තියෙනව ද? එහෙම නැත්නම් ආදරයයි ලිංගිකත්වයයි අතර මොකක් හරි සම්බන්ධයක් තියෙනව ද? එහෙමත් නැත්නම් ආදරයයි ලිංගිකත්වයයි කියන්නෙ පිරිමින්ට වගේම ගැහැණුන්ටත් මේ මොහොත පියමං කර ගන්න තියෙන තාවකාලික ගනුදෙනුවක් විතරද?
මේ ප්‍රශ්න ටික ඔලුවට ආවෙ සුරේඛා සමරසේනගෙ ‘හොට් චොක්ලට්’ කෙටිකතා පොත කියෙව්වහම. ගැහැණියක් මේ තේමාත්මකය පිරිමි භාෂාවෙන් විනිවිදින්න දරන උත්සාහය ඇතුලෙ තියෙන්නෙ අමුතු ම රහක්. ඒක පිරිමින්ට නම් තැතිගැන්මක් ඇති කරන රහක්.