ඉන්දීය ණය ලැබෙන්නේ තෙල් ටැංකි දුන්නොත් විතරයි!

ශ්‍රී ලංකාව මුහුන දී තිබෙන ඩොලර් අර්බූදය, තෙල්, ආහාර සහ ඖෂධ අර්බූදය විසඳාගැනීම සඳහා ඉන්දියාවෙන් ඉල්ලා තිබෙන සහන ණය පැකේජය ලැබෙනු ඇත්තේ එලබෙන ජනවාරිය වනවිට ත්‍රිකුණාමලය තෙල් ටැංකි ඉන්දියාවට දෙනවාද යන්න පිළිබඳව රජය ස්ථිර අදහසක් කියන්නේ නම් පමණක් බව වාර්තා වේ.

ඩොලර් මිලියන 1000ක් ආහාර සහ ඖෂධ සඳහා ද ඉන්ධන මිලදී ගැනීමට ඩොලර් මිලියන 500ක් ද විදෙස් විනිමිය සංචිත තර කරගැනීම සඳහා තවත් ඩොලර් මිලියන 400ක් වශයෙන් සහන පැකේජයක් ලබාදීමට ඉන්දියානු රජය ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යාංශයට එකඟවී ඇත. මෙම එකඟතාවයට අනුව ශ්‍රී ලංකා රජය ත්‍රිකුණාමලය තෙල් ටැංකි ඉන්දියාවට ලබාදෙන්නේද යන්න කලින් ප්‍රකාශ කළ යුතුව ඇතැයි වාර්තා වේ.

Social Sharing
නවතම