ඉන්ධන සැපයුම කොටඋඩ යන ලකුණු!

පවතින ඩොලර් හිඟය නිසා, ඉදිරි කාලයේදී අවශ්‍ය ඉන්ධන හිඟයකින් තොරව  නොකඩවා සැපයීම ප්‍රශ්නයක් බව ආණ්ඩුවේ ප්‍රබලයෙක් අයිතිය වෙබ් අඩවිය වෙත පැවසීය.

මසකට ඩොලර් මිලියන 420ක පමණ මුදලක් ඉන්ධන ආනයනය සඳහා වැයවෙන අතර දැනට උද්ගත තත්ත්වය තුළ මෙම මුදල සොයාගැනීම ප්‍රශ්නයක් වී ඇත. එම තත්ත්වය තුළ සලාක ක්‍රමයට ඉන්ධන ලබාදීමේ තත්ත්වයක් හෝ උදාවිය හැකි යැයි ප්‍රකශ කරන ඔහු, එසේ නොමැති වුණොත් ලංකාවේ මුලු ඉන්ධන සැපයුමම ඉන්දියාව මත රඳාපවතිනු ඇතැයි වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

යම් හෙයකින් ඉන්ධන සැපයීම අඩාල වුවහොත් ලංකාව විශාල බලශක්ති අර්බූදයකට මුහුන දෙනු ඇත. තත්ත්වය මෙය වුණත් ජනාධිපතිවරයා මෙන්ම මුදල් අමාත්‍යවරයාද මේ වනවිට විදෙස් ගතවී ඇත.

Social Sharing
නවතම