බැසිල් සියරට යයි!

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සිය රටවන ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගොස් ඇතිබව වාර්තා වෙයි.

දරුවන් සහ පවුලේ කටයුතු වෙනුවෙන් ඇමරිකාවට ගියබව කියන ඒ මහතා මසකට ආසන්න කාලයක් එහි රැඳී සිටිනු ඇතැයි වාර්තා වෙයි.

මීට ප්‍රථම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද විදෙස්ගතවූ අතර සමහර රජයේ ප්‍රබල අමාත්‍යාංශවල ලේකම්වරුන්ද මේවනවිට විදෙස්ගතවී ඇතිබව වාර්තා වෙයි.

පාර්ලිමේන්තුවද වාරාවසාන කර තිබෙන අතර බොහෝ මැති ඇමතිවරුන්ද මෙම කාලය තුළ විදෙස්ගතවීමට සැළසුම් කර ඇත.

තත්ත්වය මෙසේ තිබියදී රටේ ආර්ථික අර්බූදය ඉහළම අන්තයට පැමිණ ඇති අතර මෙවැනි තත්ත්වයක් තුළ රාජ්‍යයේ ඉහළ බළධාරීන් මෙලෙස විදෙස්ගතවීම ගැටලුවක් බව ආණ්ඩුවේ ප්‍රබල දේශපාලකයෙක් අයිතිය වෙත පැවසීය.

Social Sharing
නවතම