ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලට යනවා ද? ආණ්ඩුව තාම වැනෙන ප්‍රතිපත්තියක

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දිවයිනෙන් බැහැරව සිටින පසුබිමක පසුගිය 13 දා රාත්‍රියේ කැබිනට් හමුව පැවතී ඇති අතර එහිදී වර්තමාන ආර්ථික අර්බූදයෙන් ගොඩඒම සඳහා ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල වෙත යන්නේ දැයි සාකච්ඡා වුණත් අවසන් තීරණයක් නොගෙනම එම සාකච්ඡාව අවසන් වී ඇතැයි දැනගන්නට ලැබෙයි.

මෙහිදී අපනයන තවදුරටත් සීමා කිරීම සඳහා තීරණය කර ඇති අතර දැන් පවත්නා ආර්ථික අර්බූදයෙන් ගොඩඑන්නට ඉන්දියාව උදව් කිරීමට එකඟවී ඇතැයි බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

ආණ්ඩුව අර්ථික අර්බූදයෙන් ගොඩඒම සඳහා වැනි වැනී ක්‍රියාමාර්ග තෝරන අතරතුර ආර්ථික විශේෂඥයන්ගේ මතය වී ඇත්තේ ජනවාරි වෙනවිට රට ආර්ථිකව බංකොළොත් වීමේ දැඩි අනතුරක් පවතින බවය. එම ආර්ථික විශේඥයන් වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය මුදලක් නොගෙන සහ ආර්ථික ප්‍රතිසංස්කරණ වහාම ක්‍රියාත්මක නොකර මෙම ගැටලුවෙන් ගොඩයා නොහැකි බවය.

Social Sharing
නවතම