අලුත් එකත් ලීක්

රතුපාට නව මුද්‍රාව සහිතව වෙළඳපොළට නිකුත් කර ඇති නව ගෑස් සිලින්ඩරයද ලීක් වෙන බව මාධ්‍ය වාර්තා කරයි.

මෙලෙස නව මුද්‍රාව සහිත ගෑස් සිලින්ඩරයක් ගෙදරට ගෙනාව බවද එයද ලීක් වෙනබව නිව්ස් ෆර්ස්ට් වෙත අදහස් දක්වමින් දෙල්ගොඩ දරණාගම ප්‍රදේශයේ පුද්ගලයෙක් ප්‍රකාශ කරයි. ඔහු එහිදී පවසන්නේ ලිට්‍රෝ ගෑස් සමාගම මෙවරද ජනතාව රවටා ඇති බවය. ගෘහනියන්ගේ දරුවන්ගේ ආරක්ෂාවට මෙම තත්ත්වය යටතේ කුමක් වෙයිද යන්න ප්‍රශ්න කරන ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ තමන් ගෑස් රෙගියුලේටරය සහ වයරයද අලුතින්ම සවිකළ බවය. මීට අමතරව මහනුවර, උඩුනුවර, ඇල්පිටිය ප්‍රදේශයෙන්ද නව මුද්‍රාව සහිත ගෑස් සිලින්ඩරයක පිපිරීමක් වාර්තාවී ඇත.

අමාත්‍ය ලසන්ත අලගියවන්න ප්‍රකාශ කළේ ගෑස් සංයුතිය වෙනස් කිරීම මෙම ගෑස් පිරිරීමට හේතුව බවය. එම තත්ත්වය තුළ තත්ත්වය අදාළ සමාගම්වලට විරුද්ධව නීති මාර්ගයෙන් කටයුතු කරන බවත් නව තත්ව සහ නව ප්‍රමිතීන් යටතේ අලුත් ගෑස් සිලින්ඩර් නිකුත් කරන බවත් ය. මේ අතර පසුගිය දා මාධ්‍ය වාර්තා කළේ අර්බූදයට අදාළ සංයුතිය වෙනස් කළ ගෑස් සිලින්ඩර් නැවත ගෙන්වාගන්නා බවය. ඒ වෙනුවට නව ප්‍රමිතියෙන් යුත් අලුත් ගෑස් සිලින්ඩර් පාරිභෝගිකයන්ට නිකුත් කරන බවය.

පුවත් මූලාශ්‍ර : https://fb.watch/9Oq1RbIM5b/

Social Sharing
නවතම