දකුණු අප්‍රිකාවෙන් හදුනා ගැණුනු නව විකෘති කොවිඩ් ප්‍රභේදය මේ වන විට නම් කර ඇත්තේ ඔම්ක්‍රොන් ලෙසිනි. මෙම විකෘති කොවිඩ් වෛරස් ප්‍රභේදය ඩෙල්ටා වෛරස් ප්‍රභේදයටත් වඩා වේගයෙන් පැතිර යා හැකි බවට විද්‍යඥයින් අනුමාන කර ඇත.
මේ නිසා ලෝකයේ බොහෝ රටවල් දකුණු අප්‍රිකා වැසියන්ව ඔවුන්ගේ රට තුලට ඇතුලු වීම වළක්වා ඇත.
දකුණු අප්‍රිකාවෙන් සොයා ගත් ඔමික්‍රෝන් නව කොවිඩ් වයිරස ප්‍රභේදය ගැන ශ්‍රී ලංකාව හොඳ සූදානමක සිටින බවත් එම වයිරසය රට තුළට පැමිණීම හැකිතාක් ප්‍රමාද කළ යුතු බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යන ආයතනයේ අධ්‍යක්ෂ, ආචාර්ය වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පවසා ඇත.
මේ අතර සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසා සිටින්නේද ඔමික්‍රෝන් මෙරටට ඇතුලු වෙනවා කියන්නේ, වසන්තය ඉවර වෙනවා සත්තයි යනුවෙනි.
අප රටක් විදිහට යම් ප්‍රමාණයක් හෝ කොවිඩ් පාලනය කරගෙන ඉන්නේ ස්වභාවික ප්‍රතිශක්තිය සහ එන්නත් ප්‍රතිශක්තිය නිසා බවද දකුණු අප්‍රිකාවෙන් හදුනාගත් ඔමික්‍රෝන් ප්‍රභේදය නැවත ආසාධනය විය හැකි ප්‍රභේදයක්. ඒ වගේම දැනට තියන එන්නත් සියල්ලට ප්‍රතිරෝදී ප්‍රභේදයක්. ඒ නිසා මේ පිලිබඳ වහා අවධානය යොමු කර ඔන් අරයිවල් PCR පරීක්ෂණ ඇරඹිය යුතු බව ඔහු අවධාරණය කර සිටියි.
හෝටල් මාෆියාවට සහ PCR මාෆියාවට යටවෙන්නෙ නැතුව ගුවන් තොටුපලේ තියෙන ගුවන්තොටුපල අමාත්‍යාංශයේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ රසයනාගාර පාවිච්චි කර මේ PCR පරීක්ෂණය වහාම ආරම්භ කරන්න යැයි ඔහු රජයෙන් ඉල්ලා සිටියි.
මේ අතර දකුණු අප්‍රිකාව චෝදනා කර සිටින්නේ ඔමික්‍රෝන් නමැති නව කොරෝනා වෛරස් ප්‍රභේදය හේතුවෙන් සිය රට දඬුවමට ලක්ව ඇති බවකි.
එරට විදේශ කටයුතු අමාත්‍යංශය සිය රටට එරෙහිව විදෙස් රටවලින් පනවා ඇති සංචාරක තහනම හෙළා දැක නිවේදනයක්ද නිකුත් කර ඇත.