එකම සිද්ධිය ගැන එකම දවසේ කථා දෙකක්!

කින්නියා, කුරුඤ්ඤංකේනි ප්‍රදේශයේ දි පාලම් පාරුවක් පෙරලි හය දෙනෙකු මියගොස් විසිදෙනෙකු තුවාල ලැබිමේ සිද්ධියට එම පාලම් පාරුව ධාවනයට අවසර දිමේ චෝදනාවට කින්නියා නගර සභාවේ සභාපති එස්.එච්.එම්.නලිම් මහතාව ඊයේ (25)  දහවල් කින්නියා පොලිසිය මගින් අත්අඩංගුවට ගත්තේය.

එහිදි පොලිසිය ප්‍රකාශ කර තිබුණේ පාලම් පාරුව පිලිබඳ කිසිදු සෙවිමකින් තොරව අවසර ලබා දි ඇති බවය. ඒ් අනුව ඔහු අත්අඩංගුවට ගෙන තිබුණි.

නමුත් ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ඊයේ (25) කැබිනට් තීරණ දැනුම් දිමේ මාධ්‍ය හමුවේදි කියා තිබුණේ  කින්නියා පාලම් පාරුවක් සඳහා කිසිදු අනුමැතියක් ගෙන නොමැති බව එවැන්නකට කිසිදු අවසරයක් ලබා දී නැති බවය.

කිසිදු අවසරයකින් තොරව පාලම් පාරුවකින් මඟින් ගෙනයාම පිළිබද නීතිමය පියවර ගන්නා බව ද එම ස්ථානයේ පාලමක් ඉදිකිරිම වෙනුවෙන් අවස්ථා දෙකකදී මුල්ගල් තැබීම සිදුකර ඇති බවත්, පාලම ඉදිකරන තෙක් ගමන් කිරීම සඳහා වත්මන් රජය යටතේ විකල්පය මාර්ගයක් ලබාදී ඇති බවත් ඔහු එහිදි වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණි.

පාලම් පාරු අනතුරු සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයින් තිදෙනෙකු පොලිස් අත්අඩංගුවේ පසු වේ. ඒ පාලම් පාරු හිමිකරු, පාලම්පාරුව පැදවු පුද්ගලයන් දෙදෙනාය.

මෙම  පිරිස අත්අඩංගුවට පත් විමත් සමඟ සමාජ මාධ්‍ය වල පල වුයේ පොලිසිය පාරුවත්, ගඟත් අත්අඩංගුවට නොගත්තේ මන්දැයි විමසමිනි.

ඒ තරමට වර්තමාන සමාජයට පොලිසියේ ක්‍රියාකලාපය දැන් විහිලුවක් බවට පත්ව ඇති බව ඉන් නිරික්ෂණය වේ. එසේම එකම දවසක රජයේ දෙපාර්ශවයකින් එකම සිද්ධිය ගැන පරස්පර කථා මතු වීමද දැන් වන විට සාමාන්‍යකරණය වෙමින් ඇත්තේය.

 

Social Sharing
නවතම