පොලිසියේ උණ්ඩයට තවත් බිල්ලක්!

පොලිස් අත්අඩංගුවට පත් වු සැකකරුවෙකු නිති වීරෝධි ලෙස අද (26) දිනයේදීද පොලිස් වෙඩි පහරකට ලක්ව මිය ගොස් ඇත.

එසේ මිය ගොස් ඇත්තේ හේවාලුණුවිලගේ ලසන්ත නැමැත්තෙකි.

මාතර වැලිගම වරකා පිටියේදී පසුගිය සැප්තැම්බර් 4 වැනිදා මරාදැමූ සන්ශයින් සුද්දා හෙවත් අමිල ප්‍රසන්න හෙට්ටිහේවා ගේ ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු වන්නේ මොහුය. කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් සැකකරු දියගම ප්‍රදේශයේදි  අත්අඩංගුවට ගෙන ඇත.

පසුව ඔහු විසින් සැඟවු අවි පෙන්වීමට ගොස් පලා යාමට තැත් කිරිමේදි පොලිසිය වෙඩි තැබු වෙඩි පහරින් ඔහු මිය ගොස් ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කරයි. එසේම පොලිසිය පවසන ආකාරයට මොහු තවත් අපරාධ ගණනාවකට පොලීසිය ට අවශ්‍යව සිටි අයෙකි. මෙම සිද්ධියේදි පොලිස් නිලධාරින් දෙදෙනෙකුද තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොලිසිය කියයි.

කෙසේ නමුදු පොලිසියට අපරාධකරුවෙකු වුවකු ඝාතනය කිරිමට අයිතියක් නැත. මෙම වසරේ දී පමණක් මාකඳුරේ මධුෂ්, කොස්ගොඩ තාරක, කටානේ පින්තු ආදි පොලිස් අත්අඩංගුවට පත් සැකකරුවන් කිහිප දෙනෙකු ඝාතනය වුයේ පොලිස් නිලධාරින්ගේ වෙඩි පහරිනි.

 

Social Sharing
නවතම