විශ්‍රාම ගන්වන ලද පොලිස් නිලධාරීන්ට මියයනතුරු දෙනවා කියු දීමනා කෝ?

වර්තමාන රජය බලයට පත් වන විට ජනතාවට විවිධ දේශපාලන පොරොන්දු ලබා දුන්හ. ඒ අතර පොලිස් රණවිරු ආබාධිත පිරිසට මියෙනතුරා දීමනා හා ගෙවීම් කරන බවද විය. නමුත් තවම එය ඉටු වී නැත.

මේ නිසා පොලිස් ආබාධිත රණවිරු සංගමය  පහුගියදා  මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතාව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ දී හමු විය.

වෛද්‍ය හේතූන් මත විශ්‍රාම ගන්වන ලද පොලිස් නිලධාරීන් හට මියයන තුරා දීමනා ගෙවීම සදහා වර්තමාන රජය මෙම වසරේ ගත් තීන්දුව ක්‍රියාත්මක වීමේ ප්‍රමාදය පිලිබඳ මෙහිදි අමාත්‍යරයාගේ අවධානයට ලක් කර ඇත.

එසේ වීමට තාක්ෂණික ගැටලු බලපා ඇති බව මෙහිදි අනාවරණය වු අතර අමාත්‍යවරයා ඔවුන්ට පොරෝන්දු වී ඇත්තේ ඊට තමන් මැදිහත් වන බවය.

එමෙන්ම 88/89 අවධියේ ජනතා විමුක්ති පෙරමුණේ පෙරමුනේ භීෂණ සමයේ මියගිය හා  ආබාධිත වූ පොලිස් නිලධාරීන්ගේ ගැටළු සම්බන්ධයෙන්ද දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.

88/89 සමයේ පොලිස් නිලධාරීහු 290 ක් මිය ගොස් ඇති අතර නිලධාරීන් 25ක් ආබාධිත තත්වයේ පසු වෙයි.

එසේම එල්ටීටීඊ ප්‍රහාර මගින් තුවාල ලබා විශ්‍රාම ගන්වන ලද නිලධාරීන්ට ලබාදී ඇති උසස් වීම් ඇතුළු වරප්‍රසාද මෙන්ම අවශ්‍ය විටදී කඩනමින් විශ්‍රාම ගැනීමට අවශ්‍ය කටයුතු තමන් වෙත ලබා දෙන මෙන් ඉල්ලා සිටි අතර  ඒ පිළිබඳව ඇති හැකියාව හා අවකාශය සොයා බලා අවශ්‍ය කටයුතු කිරීමට උපරිම උත්සාහය යොදවන බවද මෙහිදී මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පැවසීය.

Social Sharing
නවතම