පොලිස් ස්ථානයේ මුද්‍රාව නැතුව ටෙම්පරි ලයිසන් දෙන බණ්ඩාරවෙල පොලිසිය

පොලිස් නිලධාරීයෙකුගේ නොසැලකිල්ල නිසා මඟී බස් රථ රියදුරෙකු කෙරවලපිටිය අධිවේගි මාර්ගයේ පිටවිමේදි දැඩි ලෙස අපහසුතාවයට ලක් වීමේ පුවතක් අයිතියට වාර්තා විය.

බණ්ඩරවෙල සිට මීගමුව බලා ධාවනය වන පෞද්ගලික මඟී බස් රථයේ රියදුරු මෙම සිද්ධියට මුහුණ දී ඇත.

මෙම බස් රථයේ රියදුරුට එරෙහිව  ඉකුත් 02 වෙනි දින බණ්ඩාරවෙල පොලිසියෙන් රියදුරු බලපත්‍රය රැගෙන තාවකාලික අවසර බලපත්‍රයක් ලියා ඇත්තේ නවතා අවහිර කිරිමේ චෝදනාවටය.

ඒ් සවස 16.15 පැයටය. තාවකාලික අවසර බලපත්‍රය ලබාගෙන ඇති මෙම බස් රථයේ රියදුරු එය සන්තකයේ තබාගෙන බස් රථයේ සේවයේ කරමින් සිටියදි අධිවේගි මාර්ගයේ කෙරවලපිටිය පිටවීමේ ස්ථානයේදි පොලිසියෙන් නවතා පරික්ෂා කර ඇත.

ඒ අවස්ථාවේ බණ්ඩාරවෙල පොලිසියෙන් ලබා දි තිබු තාවකාලික රියදුරු බලපත්‍රය පොලිස් නිලධාරින්ට පෙන්වා ඇති අතර එහිදි ඔවුන් මොහුට බැන වැදි ඇත්තේ හොර රියදුරු බලපත්‍රයක් ලබාගෙන ඇති බවටය.

එම බලපත්‍රයේ බණ්ඩාරවෙල පොලිසියේ මුද්‍රාව නැති බව බස් රථයේ රියදුරු දැක ඇත්තේ එම අවස්ථාවේය. ඔහු සිද්ධිය සැකෙවින් කෙරවලපිටිය පොලිස් නිලධාරියාට පවසා සිටියද ඔහු දිගින් දිගටම බස් රථයේ රියදුරුට තර්ජනය කර ඇත්තේ රිමාන්ඩ් කරන බවටය.

අප මේ සම්බන්ධව පොලිස් මුලස්ථානයේ මාධ්‍ය කොට්ඨාශයෙන් විමසා සිටි අතර එහිදි ඔවුන් කියා සිටියේ මෙම සිද්ධියේදි බණ්ඩාරවෙල පොලිසිය වැරැද්දක් කර ඇති බවය. රථවාහන අංශයේ නිලධාරියෙකු තාවකාලික රියදුරු බලපත්‍ර පොත රැගෙන යන්නේ පොලිසියේ මුද්‍රාව තබා ගැනීමෙන් පසුව බවත් එසේ නොමැතිව මුද්‍රාව රහිත තාවකාලික රියදුරු බලපත්‍ර මුදා හැරිම නිති විරෝධි බවද සඳහන් කරන ලදි.

එසේම මේ තාවකාලික බලපත්‍රය බලාගන්නා පුද්ගලයාටද තමන්ට නිසි බලපත්‍රයක් ලැබුණේද යන්න පරික්ෂා කර බලා ගැනිමේ වගකීමක් ඇති බව සඳහන් කරන පොලිස් මාධ්‍ය කොට්ඨාශය පෙන්වා දෙන්නේ මෙයින් අනවශ්‍ය අපහසුතා වලට මුහුණ දිමෙන් මිදිය හැකි බවය.

police

 

Social Sharing
නවතම