බාලවයස්කරුවන්ට මරණීය දණ්ඩනය නියම කිරීම වෙනුවට සිරදඩුවම්?

සංශෝධන පනත් කෙටුම්පත් ද්විත්වයක් දෙවන වර කියැවීම සදහා අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා විසින් අද (21)  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට  නියමිතව ඇත.

සංශෝධන පනත් කෙටුම්පත් ද්විත්වයක් (දෙවන වර කියවීම) සහ නියමයක් අද (21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 15 වැනිදා පැවති අධිකරණ කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව එකඟ විය.

මේ අනුව තරුණ වරදකරුවන් (පුහුණු පාසැල්) (සංශෝධන) පනත් කෙටුම්පත, දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත සහ 2021.07.02 දින අංක 2234/67 දරන ගැසට්පත්‍රයේ පළ කරන ලද සිවිල් නඩු විධාන සංග්‍රහය යටතේ නියෝගයක් විවාදයට ගැනීමෙන් අනතුරුව සම්මත කරගැනීමට නියමිතය.

තරුණ වරදකරුවන් (පුහුණු පාසැල්) (සංශෝධන) පනත් කෙටුම්පත මඟින් කලින් ස්ථාපිත කර තිබූ අවු. 18 ට අඩු වයස් සීමාව අවු. 18-22 ලෙස සංශෝධනය කෙරේ. දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත මඟින් බාලවයස්කරුවන්ට මරණීය දණ්ඩනය නියම කිරීම වෙනුවට සිරදඩුවම් නියම කිරීමේ විධිවිධාන ස්ථාපිත කෙරේ.

 

Social Sharing
නවතම