සිරකරුවන් සම්බන්ධ විශේෂ කරුණු රැසක් සාකච්ඡාවට ලක් කෙරෙන ” සිරකරුවෝ මනුෂ්‍යයෝ ද ? ” විද්වත් සංවාදය අද (21) පෙරවරු 10.00 ට කොළඹ ජානකී හෝටලයේදී පැවැත්වේ.
මේ සඳහා ආසියානු මානව හිමිකම් කොමිසමේ නීතිඥ බැසිල් ප්‍රනාන්දු, ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු සාමාජිකා නීතිඥ අම්බිකා සත්කුණනාදන්, රුහුණු විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය සුරංජිත් ගුණසේකර, සිරකරු අයිතිවාසිකම් කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා යන මහත්ම මහත්මීන් සහභාගී වේ.
වැඩසටහන මෙහෙයවනු ලබන්නේ නීතිඥ දුලාන් දසනායක මහතා විසිනි.
රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය හා අයිතිය වෙබ් අඩවිය විසින් සංවිධානය කරනු ලබන මෙම සංවාදය සීමිත ජන සහභාගීත්වයකින් සුම් තාක්ෂණය ඔස්සේ සජීවිව පැවැත්වේ.
මේ සඳහා සහභාගී වීමට කැමති අයට පහත ලින්කුව හරහා මෙම වැඩසටහනට එක් විය හැකිය.
Meeting ID – 897 2230 0979
passcode – 492753