පොලිස් නිලධාරීන්ට එල්ල වන චෝදනා සය මසකින් ඉබේ අවලංගු වන ක්‍රමයක්!

පොලිස් නිලධාරීන්ට ඇති  දීර්ඝ කාලීන චෝදනා පත්‍ර  සියල්ල මාස හයක් ඇතුලත විභාග කර අවසන් නොකළහොත් ඒවා ඉබේ අවලංගු වන ක්‍රමයක් සකසන බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි.

ඔහු පෙන්වා  දෙන්නේ පොලිස් නිලධාරීන්ට මානව හිමිකම් නඩු වැටි ඇත්තේ  තමන්ගේ රාජකාරිය හරියට කිරීමට ගොස් ඇති නිසා බවය. ඒ නිසා ඒ වගේ අය පිළිබඳ සොයා බලා ඔවුන්ට සහනයක් ලබා දීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පවසයි.

එමෙන්ම  දීර්ඝකාලීන චෝදනා පත්‍ර තියෙන සමහරු සිටින බවත්  සහකාර පොලිස් අධිකාරී තනතුරට පත් වන විට තිස් පස් දෙනෙකුට මෙම චෝදනා පත්‍ර නිසා උසස්වීම් නොලැබෙන තත්ත්වයක් තිබු බවද පෙන්වා දෙන ඔහු පවසන්නේ මේ තත්ත්වය උදා වී තිබුනේ පොලිස්  යාන්ත්‍රණයේ තිබ්බ අඩුපාඩුකම් නිසා බවය.

එම නිසා මහජන ආරක්ෂ  අමාත්‍යංශ ලේකම්වරයා  හා පොලිස්පතිවරයා දැන් මේ පිළිබඳ විශ්ලේෂණය කරගෙන යන බවත්  මීට අමතරව ආයතන සංග්‍රහයට අනුව මාස හයක් ඇතුළත එම චෝදනා පත්‍ර විභාග කර අවසන් කළේ නැත්නම් ඉබේ අවලංගුවන ක්‍රමයක් සකස් කරන්න බලාපොරොත්තු වන බවද ඔහු පවසයි.

ඔහු මේ බව කියා සිටියේ  මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රජා පොලිස් බල ගැන්වීමේ වැඩසටහනේදීය.

Social Sharing
නවතම