ඒස් . එම් චන්ද්‍රසේන බරටම රාජ්‍ය දේපල අවභාවිතයේ!

අනුරාධපුර දිස්ත‍්‍රික්කයෙන් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂයෙන් තරඟ වදින එස් . එම් චන්ද්‍රසේන මහතා තවමත් ඔහු කලින් අමාත්‍යධුරය දැරූ ඉඩම් හා ඉඩම් සංවර්ධන පරිසර හා වනජීවී අමාත්‍යාංශයට අදාල ලිපි ශිර්ෂ  ආදිය භාවිතා කරමින් සිටින බවට තොරතුරු අනාවරණය වෙමින් ඇත.

මොහු මේ දිනවල අනුරාධපුර දිස්ත්‍රික්කයේ ” උසස් පෙළට අරුනැල්ල” හා  “දිරිමත්ව දිනවමු දරුවන්” නමින් ශිෂ්‍යත්ව වැඩසටහනක් ක‍්‍රියාත්මක කර තිබේ. ඒ් සඳහා ඉඩම් හා ඉඩම් සංවර්ධන පරිසර හා වනජීවී අමාත්‍යාංශයට අදාල ලිපි ශිර්ෂයෙන් දරුවන්ට ලිපියන් සමඟ අයදුම්පතක් මේ දිනවල ලබා දෙමින් සිටියි. ශිෂ්‍යත්වය ලබා ගැනීමට බලාපොරොත්තු වන පුද්ගලයන් අදාල අයදුම්පත සම්පූර්ණ කර ඇමතිවරයා වෙත භාරදෙන ලෙස අදාල ලිපියෙන් ඉල්ලා ඇත.

මෙය 1981 පාර්ලිමේන්තු මැතිවරණ පනත්  78 වන  වගන්තිය යටතේ වන  සංග‍්‍රහ කිරීම නැමති වරද සහ එකී පනතේ 80 වන වගන්තිය යටතේ විස්තර වන අල්ලස නැමති වැරදි වලට අදාල වන බැවින් මේ පිලිබදව නිසි විමර්ශනයක් සිදුකර නීත්‍යානුකූල පියවර ගන්නා ලෙස අනුරාධපුර සහකාර මැතිවරණ කොමසාරිස්වරයා වෙත පැෆරල් සංවිධානයයේ මැතිවරණ පැමණිලි අංශ ප්‍රධානී ඉසුරු කරවිට මහතා විසින් පැමිණිලි කර ඇත.

පහුගිය දිනවල හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ද පොලොන්නරුව දිස්ත්‍රික්කයේ දරුවන්ට ත්‍යාග ලබා දීමේ උත්සවයක් සුදානම් කර තිබියදී එය මැතිවරණ නිළධාරීන් විසින් වළක්වා හිටපු ජනාධිපතිවරයාව ආපසු යවා තිබුණි.

Social Sharing
නවතම