මිනිස්සු ආදරය කළ නායකයෙකුට විදේශයකදී හූ කියන තත්ත්වයට පත්වීම විශාල අවාසනාවක්!

අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද වැටී තිබෙන තත්ත්වය අතිශයින්ම කණගාටුදායක බවත් එදා ඔහුගේ අත් අල්ල ගන්න පොර කෑ මිනිසුන් අද ඔහුට වෛර කරන බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

රටේ  වත්මන් තත්වය පිළිබද මාධ්‍යයට අදහස් දක්වමින් කුමාර වෙල්ගම මහතා මේ අදහස් පළ කළේය.

වැඩිදුරටත් අදහස් දැක් වු ඒ් මහතා,

‘  මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකවරයෙකු ලෙස කටයුතු කරන්න  පටන්ගත්තට පසු දශක හතරක් විතර  එතුමව බොහොම ලගින් ආශ්‍රය කළා. මම මහින්ද රාජපක්ෂ මහත්තය සමග ඉතාම  ලගින් ඇසුරු කලා. වෙල්ගම කිව්වොත්  මහින්ද මහත්තයගෙ දකුණු  අත කියල තමයි මිනිසුසු කිව්වෙ. මහින්ද රාජපක්ෂ කියන්නෙ රටේ මිනිස්සු  ආදරය කරපු, ගෞරව කරපු චරිතයක්.

මහින්ද මහත්තයගෙ අත්දෙක අල්ලන්න මේ රටේ බාල,මහළු, තරුණ, ගැහැණු පිරිමි මේ හැම කෙනාම පොරකෑවා . ඒ තරමට මිනිස්සු එතුමට ආදරය කලා. මම හිතන්නෙ ඒ වගේ කෙනෙක් ආයෙ  ඉපදෙයි කියලවත් මට හිතා ගන්න බැහැ.

නමුත් අද එතුමා වැටිල තියෙන තත්වය පිළිබදව මම ඉතාමත්ම කණගාටු වෙනවා. එතුමා විදේශ ගතව සිටියදි ඉතාලියෙදි මිනිස්සු හූ කියනව සමාජ මාධ්‍යයේ මම දැක්කා. මහින්ද රාජපක්ෂ මහත්තයට මේ විදිහට  මිනිස්සු කවද්ද..හූ කිව්වෙ,,?

අවුුරුදු 40 ක් මමත් මිනිස්සුන්ට වැඩ කලා. නමුත් මගේ අත්දෙක අල්ලන්න මිනිස්සු පොරකන්නෙ නෑ.. කියල මම අපේ ගම්වල  මිනිස්සුන්ට කියනවා… මට මේ ළගදි මනුස්සයෙක් කියනව දැං නං  මහින්ද මහත්තයගෙ අත දුන්නොත්  මිනිස්සු නියපොතුත් ගලවයි කියල. මොකද මේ රටට කළ විනාසය නිසා ඒ තරම් මිනිස්සු  වෛරයකින් ඉන්නෙ. ගම්වල මිනිස්සු කියන්නෙ ඔින්න ඕකයි එතුමට අද තියෙන  ජනතා ප්‍රතිචාරය.

රටේ මිනිස්සු ආදරය කළ නායකයෙකුට පිට රටකට ගියාම හූ කියන තත්වයට පත්වීම විශාල අවාසනාවක්. කොහොම හිටපු මහින්ද රාජපක්ෂටද අද මිනිස්සු හූ කියන්නෙ කියල මගෙත් හදවතට වෙිදනාවක් ඇති වෙනවා යැයි ඔහු කියා සිටියේය.

 

සෝමරත්න පොද්දෙණිය – මිගහතැන්න

Social Sharing
නවතම