පරාක්‍රම බැම්ම නිසා පොළොන්නරුව ජනතාව පිල් බෙදෙයි!

පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්ම මත ඇවිදින මං තීරු ඉදි කිරීම ට ගෙන ඇති තීරණය හේතුවෙන් පොලොන්නරුව දිස්ත්‍රික්කයේ සංඝරත්නය තුළත් ගිහියන් තුළත් බෙදීම් නිර් මාණය වෙමින් පවතින බව පොලොන්නරුවේ පොදු ජනතාව කියති.

පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්මේ ඇතුළු පැත්තෙන් ඇවිදින මං තීරුවක් ඉදිකිරීම සම්බන්ධයෙන් පැන නැගී ඇති අර් බුදය හමුවේ ඊයේ (18) ත්  අද (19) දිනයේත් මහා සංඝරත්නයත් ජනතාවත් බේද බින්නතා ඇතිකර ගනිමින් සිටින බවත් මාධ්‍ය හමු හා විරෝධතා සංවිධාන කර ක්‍රියාත්මක වූ බවත් ඔවුහු පෙන්වා දෙති.

අද (19) දිනයේ පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්මේ මං තීරු ඉදි කිරීම සුදුසු යැයි ද එය අවශ්‍යම ව්‍යාපෘතියක් යැයි කියමින් තරුණ පිරිසක් ද ඊට පෙර දිනයේ සංඝරත්නයේ පිරිසක් අලුත් වැව විහාරස්ථානයේ දී ද   මාධ්‍ය හමු පැවැත්වූහ.

පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාරයේ ඒකාබද්ධ ගොවි සංවිධානය ඇතුළු ගොවීන් ද භික්ෂූන් වහන්සේලා පිරිසක් ද එම ව්‍යාපෘතිය ඉදි කිරීමට විරෝධය පළ කරමින් මාධ්‍ය හමු පැවැත් වූහ.

ඊයේ  (18) අලුත්වැව ශ්‍රී සුදර් මා රාම විහාරස්ථානයේ පැවති මාධ්‍ය හමුව අවස්ථාවේ ගොවි සංවිධාන නියෝජිතයින් පිරිසක් එම භික්ෂූන් වහන්සේලාගේ මාධ්‍ය හමුවට විරෝධය පළ කිරීමක් ද සිදු විය. එම විරෝධයෙන් අනතුරුව භික්ෂූන් වහන්සේලා මෙසේ අදහස් දැක්වූහ

.පොලොන්නරුව දිශාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පරාක්‍රම සමුද්‍රය සේනානායක බෝධිරුක්ඛාරාමාධිපති පූජ්‍ය දඩුබැදි රුප්පේ උපනන්ද හිමියෝ මෙසේ පැවසූහ.

“පරාක්‍රම සමුද්‍රයේ බණ්ට් එක මුල් කරගෙන අර් බුදකාරී තත්ත්වයක් ඇතිකරගෙන තියෙනවා. ඒක ට මේ ප්‍රදේශයේ ඇමතිවරුන් මන්ත්‍රීතුමන්ලා නිලධාරින් දිසාපතිතුමා ඇතුළු වගකිව යුතු පිරිසක් තමයි මේක හදන්න තීරණය කරලා තියෙන්නේ. දැන් මේ ඉදිකිරීම් සදහා සියල්ල සූදානම් කරගෙන තියෙද්දි රාජ්‍ය මට්ටමෙන් ක්‍රියාත්මක කරගෙන යද්දී අර් බුදයක් මතු වෙලා නැවතිලා තියෙනවා. නමුත් මේක නැවැත්විය යුත්තක් නෙමෙයි. මේ වැව් බැම්ම ලස්සන වෙන්න අලංකාර වෙන්න මේ ව්‍යාපෘ තිය කරන්න ඕනෑ කියන අදහස තමයි අපි හැමෝම ළග තියෙන්නේ. මේ සදහා වෙන්වෙලා තියෙන ප්‍රතිපාදන වෙනත් දේකට යොදන්න බෑ කියන එක අපි කවුරුත් දන්නවා. පරාක්‍රම සමුද්‍රය කියන්නේ දැකුම් කළු නිර් මාණයක්. දෙස් විදෙස් සියලු දෙනාට සංචරණය කරන්න ආශ්වාදයක් ලබන්න ඉඩ දෙන්න ඕන. වර් තමාන රජයේ ජනාධිපතිතුමාගේ අගමැතිතුමාගේ අපේ  ඇමති රොෂාන් මැතිතුමාටත් හොදට වැඩ කරන්න ඕන. ඒ අයට වැඩ කරන්න ඉඩ දෙන්නේ නැතුව බාධා කරනවා නම් කරන්න දෙන්නේ නැතිනම් ඒක ජාතියේම අභාග්‍යක්.එතුමන්ලාගේ හිතේ හැටියට ඒවා කරන්න දෙන්න ඕන.

මෙහි දී තවත් ස්වාමීන් වහන්සේලා පිරිසක් ද අදහස් දැක්වූහ.

එම මාධ්‍ය හමුවට විරෝධය දැක්වූ අලුත් වැව බෙදුම් ඇල ගොවි සංවිධානයේ සභාපති ඇතුලු ගොවීන් පැවසුවේ රෑට රෑට විහාරස්ථානවලට ගිහින් කැන්වසින් කරලා ගෙන්නා ගත්ත හාමුදුරුවන් වහන්සේලා පිරිසක් තමයි මේ මාධ්‍ය හමුව තියන්නේ. ගොවීන් විදිහට පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාරයේම ගොවීන් මේකට විරුද්ධයි. හෙට අපේ වැවේ සංචාරක කර් මාන්තය කියලා සී ප්ලේන් එයි. බොට්ටු සේවා තියයි .අපේ වැව ගොවියාගේ හදවත ඒක අපෙන් උදුරා ගනියි.

අද මේ ලොක් ඩවුන් එක නිසා ඔහොම ගියාට අපි ලොක් ඩවුන් එක ඇරිය ගමන් මුලු පොලොන්නරුව පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාරයේම ගොවීන් බණ්ට් එකට ඇවිත් ඔය මං තීරු හදන්න දෙන්නේ නෑ බණ්ට් එකේ ඉන්නවා. යැයි ද විරෝධය දැක්වූහ.

මේ අතර අද  (19) තරුණයින් පිරිසක් ද මාධ්‍ය වෙත වැව් බැම්මේදී අදහස් දක්වමින් මෙම මංතීරු ඉදි කිරීම අවශ්‍යම බව කියද්දී එම ස්ථානයට මහා සංඝරත්නයත් පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාර ගොවි සංවිධානයේ සභාපති ඩබ්.අරුණ කීර් ති මහතා ඇතුළු ගොවීන් ද පැමිණ සිය විරෝධය පළ කළ හ.

“මම ශ්‍රී ලංකා අමරපුර අරියවංශික සද්ධම්ම යුක්තික නිකායේ මහා ලේඛකාධිකාරී පොලොන්නරුව දිස්ත්‍රික් සාශනාරක්ෂක බලබණ්ඩලයේ ලේඛකාධිකාරි. ඊයේ සවස් කාලයේ මහා වැස්සක් පොලොන්නරුවට ඇද හැලුනා. මිලි ලීටර් 22 ක පමණ වර් ෂාපතනයක්. ඒනිසා කරුණු කිහිපයක් මත අද අපි වැව් බැම්මට ආවේ. මහා සංඝරත්නයත් ගොවි සංවිධානවල සභාපතිතුමන්ලාත් එක්ක අද අපි නිරීක්ෂණ චාරිකාවක යෙදුනා. අපේ වැව් බැම්මට සිද්ධ වෙලා තියන දේ ගැන බලන්න.

ඊයේ කිසියම් පංසලක අපේ සංඝරත්නය දැඩි පීඩාකාරි තත්ත්වයකට පත් කරමින් දේශපාලකයින් භේද බින්නතා ඇතිකරලා අද මේ වැව් බැම්මේ තරුණ තරුණියන් පිරිසක් එක්ක මේ මං තීරුව හදන්න ඕන කියලා කණ්ඩායමක් ලවා කියවන්න හදනවා කියලා අපට දැනගන්න ලැබුණා. දැන් අද බලන්න එක වැස්සකට වෙලා තියෙන තත්ත්වය. ඉතාම ඉක්මනින් අපේ වැවේ බැම්ම සකස් කරගන්න බලකරන්න ඕන. දැනටත් හානි වෙමින් තියෙන්නේ. මහ වැසි පටන් අරන් තියෙන්නේ.මෙහෙම තිබුණොත් අපේ වැව විනාශ වෙනවා විශාල විනාශයක් අත ලග. ඒ නිසා මං තීරු හදන්න නෙමෙයි අපේ වැව ආරක්ෂා කරලා දෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා.” යැයි කදුරුවෙල ධම්මපාල නායක ස්වාමීන් වහන්සේ පැවසූහ.

මෙහි දී අදහස් දැක්වූ පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාර ගොවි සංවිධානයේ සභාපති ඩබ්.අරුණ කීර් ති මහතා මෙසේ කීය.

“ අපි අපේ නායක ස්වාමීන් වහන්සේලාට ආරාධනා කළා අපේ වැව රැකලා දෙන්න කියලා. දැන් මේ ගැන කතා කරන්න ගියාම වගකිව යුත්තෙක් නෑ. වාරිමාර් ගෙන් ඇහුවාම කියනවා දේශපාලන අධිකාරිය කිව්ව නිසා කළේ කියලා. දේශපාලන අධිකාරියෙන් ඇහුවාම කියනවා අපි නෙමෙයි වාරි මාර් ගේ තමයි මේක කරන්නේ කියලා. එක එක්කෙනාට බෝලේ පාස් කරනවා. අපේ වැව විනාශ වෙමින් තියෙනවා. වැව් සම්බන්ධව තීන්දු තීරණ ගන්න ආයතන තියෙනවා. විශේෂයෙන් ම වැවක් හැදුවාම වැව් පාලනය කරන්න තමයි වාරි මාර් ග දෙපාර් තමේන්තුව තියෙන්නේ. ඒ වගේම ඒකට හැදුවා වාරි මාර් ග ආඥා පනත. ගොවි ජන සංවර් ධන පනත හැදුවා ඒ පනත් දෙකෙන් තමයි වැව්වල ආරක්ෂාව හා තීන්දු තීරණ ගන්න ප්‍රතිපාදන ආවරණය කරලා තියෙන්නේ.

ගොවි සංවිධාන සමග ක්‍රියාත්මක වෙන්න  මේ පනත්වලින් බලය දීලා තියෙනවා. නමුත් මේ වාරි මාර් ග නිලධාරින් ගොවීන් එක්ක කිසිම කතාවක් බහක් නැතුව ගොවියාගේ වැව ගැන තීන්දු තීරණ අරගෙන. මෙහි වගකීම වාරි මාර් ගය ගන්න ඕන. කන්න රැස්වීම් පවත්වන්නේ වැව් පිළිබදව තීන්දු තීරණ ගන්නේ ගොවි සංවිධාන එක්ක කතා කරලා.

එහෙම කිසිවක් නැතුව හිතුවක්කාරී විදිහට මේක කරන්නේ වාරි මාර් ග නිලධාරින්. අපේ මහා සංඝරත්නය අපිත් එක්ක ඉන්නේ අපි ආරාධනා කළා උන්වහන්සේලාට අපේ වැව බේරා ගන්න උදව් කරන්න කියලා. අද අපේ වැව විනාශ මුඛයට යමින් තියෙන්නේ. අපේ වැව රකින්න දැන් කඩිනම් වැඩපිළිවෙලක් යොදන්න ඕන. ගොවියන්ගේ ප්‍රශ්න එකක්වත් කණකටවත් ගන්නේ නෑ. අපි කියනවා එක එක දේශපාලන පක්ෂවල වුවමනාවට නටන අයට කියනවා පුලුවන් නම් කරන්න එන්න .අපි ගොවීන් සියලු දෙනා වැව් බැම්මේ බුදියනවා.එන්න අපි දිවිහිමියෙන් අපේ වැව රකින්න එනවා.දැන් ඉක්මනින් කඩලා දාපුවා හදන්න ඕන.මහ වැස්ස අත ළග.”

parakrama

parakrama

parakrama

parakrama

 

ඊෂා  මුදියන්සේ පොලොන්නරුව

 

Social Sharing
නවතම