කොවිඩ් එන්නත අනිවාර්ය කිරීම සම්බන්ධව රතන හිමියන්ගේ විරෝධය!

එන්නත් මාත‍්‍රා දෙකම ලබාගත් අයත් මිය යන අතර ඒ අනුව මේ වෛරසයට ඇති එකම උත්තරය එන්නත්කරණයද කියන ප‍්‍රශ්ණයක් මතු වෙන බැවින් එන්නත්කරණය අනිවාර්ය කළ යුතු නැතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියෝ පවසයි.

උන් වහන්සේ පවසන්නේ කොරෝනා වෛසරයට මුහුණදීම සදහා බටහිර වෛද්‍ය ප‍්‍රතිකාර ක‍්‍රම සමග දේශීය වෛද්‍ය ප‍්‍රතිකාර ක‍්‍රම එක් කළ යුතු බවය.

දේශීය වෛද්‍ය ක‍්‍රම මගින් වෛසරයට මුහුණදීම සදහා ශරීරයේ ප‍්‍රතිශක්තිය වර්ධනය කිරීමට හැකියාව ලැබෙන බව පැවසන රතන හිමියෝ ඒ සදහා දේශීය වෛද්‍ය ක‍්‍රමයට හා විකල්ප වෛද්‍ය ක‍්‍රමවලට අවස්ථාව ලබාදිය යුතු බවද සදහන් කරයි.

උන් වහන්සේ පවසන්නේ එන්නත් දෙකම ලබාගෙන ඇති අය මිය ගිහින් තිබෙන බවත් රෝගය කොතරම් බරපතල වුනත්, අපේ ඇගේ ඇතුලින් එන ප‍්‍රතිශක්තියෙන් සුව වීමේ හැකියාව ඇති අතර  ප‍්‍රතිශක්තිය දුර්වල අය මිය යන බවය.

වැක්සින්කරණය හොද තත්වයක තිබෙන නමුත් මේ එන්නත පිළිබද වෛද්‍යවරු අතර එකගතාවයක් තියෙනවාද? යන්න ප්‍රශ්න කර සිටින අතුරලියේ රතන හිමියන් පවසන්නේ  ලංකාවේ ලබා දෙන එන්නත් පිලිබඳ මේ වන විට වාද විවාද පවතින බවය.

ඒ් නිසා එන්නත්කරණය අනිවාර්ය කළ යුතු නැති බව උන් වහන්සේ වැඩිදුරටත් කියා සිටියි.

උන් වහන්සේ මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේදීය.

ශානි

Social Sharing
නවතම