උතුරටත් දකුණටත් නීති දෙකක්!

වසංගත ව්‍යාප්තිය හමුවේ රට අගුලු දැමීමෙන් ආර්ථික පීඩාවට පත්ව සිටින දුප්පත්  ජනතාවට මුදල් බෙදු උතුරේත්, දකුණේත් කෝටිපතියන්  දෙදෙනකු  වෙනුවෙන් නීතිය දෙයාකාරයකට ක්‍රියාත්මක වී ඇත.

ආර්ථික පීඩාවට පත්ව සිටින කැලණිය ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් නිදහසේ  මුදල් බෙදීමට  ව්‍යාපාරිකයකුට ඉඩදුන් පොලීසිය  යාපනයේ ජනතාවට මුදල් බෙදු  දානපතියකු  අත්අඩංගුවට ගෙන තිබේ.

රුපියල් කෝටි දෙක හමාරක මුදලක් එක් අයෙකුට රුපියල් දහස බැගින් අගෝස්තු 25 වැනිදා සිට කැලණිය, නාහේන ප්‍රදේශයේදී ව්‍යාපාරිකයෙක් වන මංජුල පෙරේරා විසින් බෙදා දී තිබුනි. එම මුදල් ලබාගැනීම සඳහා විශාල පිරිසක් රැස්ව සිටි අයුරු ද  ජනමාධ්‍ය විසින් ද වාර්තා කරන ලදී.

නමුත් පහුගියදා යාපනයේදී රුපියල් කෝටි දෙකක් මුදලක් දුගී  ජනතාවට බෙදමින් සිටි දානපතියෙක්  ඇතුලු  තිදෙනකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

විදේශ ගතව සිටින තම පුතු ජනතාවට බෙදා දීම සඳහා එවු මුදල් යාපනය,නෙල්ලිඅඩි පොලිස් වසමේ උඩුප්පිඩි ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් එක් අයකුට රුපියල් 2000 බැගින් පරිත්‍යාග කරමින් සිටියදී තවත් පුද්ගලයින් දෙදෙනෙකුද සමඟින් නෙල්ලිඅඩි පොලීසිය විසින් සැප්තැම්බර් 6 වැනිදා අත්අඩංගුවට ගෙන ඇත්තේ නිරෝධායන නීති කඩ කළ බවට චෝදනා කරමිනි.

උඩුප්පිඩි වදිරියන් මාර්ගයේ පිහිටි දානපතියාගේ නිවසේ  මුදල්  පරිත්‍යාග කරන බවට තොරතුරු ලැබීමත් සමග එම ස්ථානයට විශාල පිරිසක් එක්රැස් වී තිබේ. එය වාර්තාවීමෙන් පසු එම ස්ථානයට ගිය  නෙල්ලිඅඩි පොලීසිය  සහ සෞඛ්‍ය නිලධාරීන්  රැස්ව සිටි පිරිස් නිරෝධායන නීති කඩකරන බවට චෝදනා කරමින්   විසුරුවා හැර තිබේ.

අත්අඩංගුවට ගත් පිරිසගේ ප්‍රකාශ සටහන් කරගැනීමෙන් පසු ඔවුන් නිදහස් කිරීමට පසුව පොලිසිය කටයුතු කර ඇත.

 

Social Sharing
නවතම