රටට ඩොලර් උපයන කම්කරුවන්ගේ ජිවිත ගැන වගකීම අද ඔවුන්ටම පැවරිලා – චමිලා තුෂාරී

රටට ඩොලර් ඉපයීම සඳහා නිදහස් වෙළඳ කලාප සේවක සේවිකාවන් කටයුතු කරන නමුත් අද වන විට ඔවුන්ගේ ජිවිත වල වගකීම ඔවුන්ටම දරා ගැනීමට සිදුව ඇතැයි ඩා බිඳු සාමුහිකයේ වැඩසටහන් සම්බන්ධීකාරීනි චමිලා තුෂාරි මහත්මිය පවසයි.

ඇය පෙන්වා දෙන්නේ වසර එක හමාරක් පුරා සිය අයිතිවාසිකම් අහිමි කර ගනිමින් රටට ඩොලර් ඉපයීම සඳහා බරපතල අභියෝග වලට මේ වන විට නිදහස් වෙළඳ කලාප සේවක සේවිකාවන් ලක් වෙමින් සිටින බවය.

මුලු රටම ලොක්ඩවුන් කළත් ඔවුන්ට ඒ් නිදහස අහිමිව ගොස් ඇති බව අවධාරණය කරන ඇය පවසන්නේ අද වන විට රට වෙනුවෙන් යුතුකම් ඉටු කරමින් ඔවුන්ගේ ජිවිත වල වගකීම ඔවුන්ටම දරා ගැනීමට සිදුව ඇති බවය.

මේ වන විට ඇඟලුම්හල් හිමියන් කම්කරුන්ගේ සෞඛ්‍ය නොසලකා හරිමින් පවතින බවත් කම්කරුවන් රැසක් කොවිඩ් ආසාදිතයින් බවට පත්ව මේ වන විට ජිවිත 05 ක් අහිමිව ගොස් ඇතැයිද චමිලා තුෂාරි මහත්මිය පවසයි.

මේ කම්කරුවන් නිසි එන්නත්කරණයකට ලක්  වී නොමැති බවත් ආසාදිත වුවන්ට අමතරව සුව වු පුද්ගලයින්ට මේ වන විට විවිධ අතුරු ආබාධ මතු වෙමින් ඇතැයිද පෙන්වා දෙන ඇය පවසන්නේ ඔවුන්ට අවශ්‍ය අවම වෛද්‍ය පහසුකම්වත් ලබා දීමට මේ හාම්පුතුන් අසමත් වී ඇති බවය.

රටේ දෙවැනි පුරවැසියන් ලෙස සලකන ඇඟලුම් කම්කරුවන් අද අසරණ වී ඇති බවත් රටට ඩොලර් ඉපයීමට නම් ආණ්ඩුව මේ කම්කරුවන් ගැන වහා සොයා බැලිය යුතුව ඇතැයිද ඇය අවධාරණය කරයි.

ඇය මේ බව කියා සිටියේ ” ඩොලර් ද? මනුෂ්‍ය ජිවිතද? ” යන මැයෙන් ආර් ථිකය රකින නිදහස් වෙළඳ කලාප සේවක අයිතිවාසිකම් ආරක්ෂා කිරිම සම්බන්ධව පවත්වනු ලැබු මාධ්‍ය සාකච්ඡාවේදීය.

මෙම සාකච්ඡාවේදී මානව සංවර් ධනය සඳහා විප්ලව පැවැත්ම හි අධ්‍යක්ෂිකා චන්ද්‍රා දේවනාරයන, නිමි භාණ්ඩ, ඇඟලුම් හා රෙදිපිලි සේවක සංගමයේ ලලිතා රංජනී දේද්දුව කුමාර, ශ්‍රමභිමානි කේන්ද්‍රයේ කේ.රොෂානි, ස්ටෑන්ඩ් අප් සේවක සංගමයේ අශිලා දන්දෙනිය යන මහත්ම මහත්මීන් ද අදහස් දැක්වුහ.

ශානි

Social Sharing
නවතම