පරාක්‍රම සමුද්‍ර වැව් බැම්ම අනතුරකද?

පරාක්‍රම සමුද්‍ර වැව් බැම්මේ රළ පනා ගල් සමතලා කොට වැව ඇතුළෙන් ඇවිදින මංතීරුවක් ඉදි කිරීමට යාම වැව විශාල අනතුරකට හෙළීමක් බව පොලොන්නරුවේ ගොවිජනතාව පවසති.

පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්මේ ආරක්ෂාවට යොදා තිබෙන රළ පනා ගල් වැව තුළට පහත් කොට වැව් බැම්ම මතින් ඇවිදින මංතීරුවක් ඉදි කිරීම පොලොන්නරුවේ ප්‍රමුඛ කාර් යය කොට සලකා ඇත්තේ වැවත් පොලොන්නරුවේ ගොවිජනතාවත් විනාශ කිරීමේ අරමුණින්දැයි ඔවුහු ප්‍රශ්න කරති.

මෙම ඇවිදින මංතීරුව අඩි අටක් පළල සහ කිලෝමීටර් එකයි මීටර් 700ක් දිගට දිසාපති බංගලාව අසල සිට පරාක්‍රම සමුද්‍රයේ අංක එකේ සොරොව්ව අසල ඇති ඩී.එස්.සේනානායක පිළිරුව දක්වා ඉදිකිරීමට යෝජිතව ඇත.ඒ සදහා නාගරික සංවර් ධන අධිකාරිය යෝජනාවක් ඉදිරිපත් කර ඇති අතර රුපියල් මිලියන 34ක් ඊට වැයවන බව ට ඇස්තමේන්තු කර ඇත.

මෙම ව්‍යාපෘ තිය පරාක්‍රම සමුද්‍රයේ දිසාපති නිල නිවස අසල සිට අංක එක සොරොව්ව අසල ඩී.එස්.සේනානායක පිළිරුව අසල දක්වා කිලෝමීටර් දෙකකට ආසන්න දුරක් අඩි අටක පළලින් යුතුව වැව් බැම්මේ ඇතුළු පැත්තෙන් ඉදි කිරීමට නියමිතය.මේ වන විටත් ජේ .සී. බී.යන්‍ත්‍ර යොදා ගනිමින් එහි මීටර් 700ක් පමණ රළ පනා ගල් පහළට තල්ලු කර සමතලා කරමින් තිබෙන බව අප කළ නිරීක්ෂණයේ දී දැක ගැනීමට හැකි විය.

පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්ම දරා සිටින අක්කර අඩි 116 000 ක මහා ජල කඳ මෙම වැව් බැම්මේ රළපනාව නිසා ආරක්ෂා වී තිබෙන බවත් ඇතැම් කාලවල දී ඇතිවන දැඩි සුළං සහිත තත්ත්වය නිසා මහ මුහුදේ රළගෙඩි තරම් විශාල රළ පහරවල් වැව් බැම්මේ වැදෙන බවයි.වැව් බැම්ම ආරක්ෂා වන්නේ මෙම රළ පනා ගල් නිසා බව ද ඔවුහු පෙන්වා දෙති.2013 වසරේ මහා ගංවතුර අවස්ථාවේ පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්ම දැඩි අවදානමක පැවති බවත් ඇතැම් තැනක වැලි කොට්ට ගැසීමට පවා සිදු වූ බවත් ඒ තරම් අවදානමක් තිබිය දීත් මෙසේ ඇවිදින මං තීරු වෙනුවෙන් පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්මේ රළපනාවට හානි කිරීම පොලොන්නරුවේ ගොවි ජනතාවත් හදවත බදු වැවත් විනාශ කිරීමක් බව ද ඔවුහු අවධාරණය කරති.

මේ පිළිබදව පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාර ගොවි සංවිධානයේ සභාපති ඩබ්.අරුණ කිර් ති මහතාගෙන් විමසීමක් කළ විට හෙතෙම පැවසුවේ ගොවි ජනතාවගේ විරෝධය මැද මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මකවන බවයි.

කෙසේ වෙතත් මේ පිළිබදව පොලොන්නරුව කලාපය භාර වාරි මාර් ග අධ්‍යක්ෂ එල්.එම්.ඩබ්.රත්නසිරි මහතාගෙන් විමසීමක් කළෙමු.

“මෙම ඇවිදින මං තීරුව සකස් කිරීම පිළිබදව යෝජනාව නාගරික සංවර් ධන අධිකාරියෙන්.ඒක ට අපේ අනුමැතිය ලබා දී තිබෙනවා.අපි වන් ෂොට් ලෙවෙල් එකේමයි දාන්නේ.රළපනා ගල් ඒ මට්ටමට තමයි සමතලා කරන්නේ පහළට එන්නේ නෑ.වාරිමාර්ගෙන් අපි අවසර දීලා තියෙනවා.නාගරික සංවර්ධන අධිකාරියෙන් තමයි කටයුතු කරන්නේ.එතුමාලගෙ තමයි යෝජනාව. මම මේ වෙලාවේ කවුඩුල්ලේ ඉන්නේ.මට හරියට ම ඇස්තමේන්තුව මතක නෑ.රුපියල් මිලියන 35ක් වගේ තමයි මතක.අඩි අටක් පළල දිග කිලෝමීටර් දෙකක් විතර තියෙනවා.මේක වැව් බැම්ම පාත් කරලා කරන එකක් නෙමෙයි පාරේ තියෙන ලෙවෙල් එකෙන් මයි යන්නේ.” යැයි ද ඒ මහතා කීය.

කෙසේ වෙතත් පොලොන්නරුවේ ගොවි ජනතාව පවසන්නේ ගොවි සංගම් නායකයින්  නිහඩ කොට වාරි මාර් ග දෙපාර් තමේන්තුව මෙහි කොන්ත්‍රාත්තුව ලබා ගෙන වැව විනාශ කරමින් තිබෙන බවයි.

මේ පිළිබදව පොලොන්නරුව මහ දිසාපති ඩබ්.ඒ ධර් ම සිරි මහතාගෙන් අප කළ විමසුමක දී ඒ මහතා මෙසේ කීය.

“ මෙම ඇවිදින මංතීරු ඉදි කිරීම නාගරික සංවර් ධන අධිකාරියේ යෝජනාවක් අනුව වාරි මාර් ග දෙපාර් තමේන්තුවෙන් මයි සිදු කරන්නේ.වැව් බැම්මට හානි නොවන විදිහටයි මේ මංතීරු ඉදි කරන්නේ.වාරි මාර් ග දෙපාර් තමේන්තුව ගොවිජනසේවා හා පුරා විද්‍යා දෙපාර් ත මේන්තුව මේ සදහා අනුමැතිය ලබා දී තිබෙනවා.මම දකිනවා උදේට හැන්දෑවට මේ වැව් බැම්මට විශාල සෙනගක් එනවා.ඒ අයගේ පහසුව සදහා මෙම ඇවිදින මංතීරුව ඉදි කිරීමට අනුමැතිය ලබා දී තිබෙනවා.වැව් බැම්මට කොහෙත්ම හානියක් වෙන්න ඉඩ දෙන්නේ නෑ.එහෙම හානියක් වන බව දන්නවා නම් මම නවත්වනවා.” යැයි පැවසීය.

පොලොන්නරුවේ ජනතාවගේ හදවත බදු පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්මට හානි කරමින් ඇවිදින මං තීරු ඉදි කිරීම නොකළ යුතු  බව ලිඛිතව දිස්ත්‍රික් ලේකම්වරයාට ලබා දෙන බව මෙම වැව් බැම්ම මත ව්‍යා‍යාම හා ඇවිදීම සදහා පැමිණෙන ජනතාව ද පවසති.

මීට පෙර  වේලි ආරක්ෂණ  ව්‍යාපෘති හරහා කෝටි ගණන් මහජන මුදල් වැය කරමින් වැව් බැම්ම ආරක්ෂා කර ගැනීමට පියවර ගත්ත  ද මෙම ව්‍යාපෘ තියෙන් වැව් බැම්ම අවදානමකට ලක් වන බව ද පොලොන්නරුවේ ජනතාව කියති.

පොලොන්නරුවේ ඇළවේලි හා වාරි මාර් ග පද්ධතිය වසර ගණනාවකින් ප්‍රතිසංස්කරණය කර නොමැති බවත් ඒ පිළිබදව කෘෂි කර් ම ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමක දී ගොවීන් පෙන්වා දුන් බවත් මේ මොහොතේ පොලොන්නරුවේ ප්‍රමුඛ ම කාර් යය ඇවිදින මංතීරු නොවන බවද ඔවුහු කියති.

ඊෂා මුදියන්සේ

තල්ලු කිරීමෙන් බැම්මට සිදුව ඇති හානිය

 

Social Sharing
නවතම