PCR පරික්ෂණ අඩු වීම සම්බන්ධ හමුදාපතිවරයා හා සෞඛ්‍ය ඇමති මත දෙකක – රවී කුමුදේශ්

රට ලොක්ඩවුන් කළාට පසු එය විද්‍යාත්මකව ප්‍රතිඵල ලැබීමට නම් අප රජයට යෝජනා කර සිටියේ මේ කාලය තුල සිදුකරන PCR පරික්ෂණ ප්‍රමාණය වැඩි කළ යුතු යැයි කියා සිටිය නමුත් කොවිඩ් කාර්ය සාධක බලකා ප්‍රධානී හමුදාපතිවරයා සහ නව සෞඛ්‍ය අමාත්‍යවරයා මේ සම්බන්ධ දක්වන අදහස් පරස්පර බව වෛද්‍ය රසායනාගාර වෘත්තිකයින්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.

හමුදාපතිවරයාගේ අදහස අනුව මේ පරික්ෂණ සිදු කරන්නේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් වැනි පිරිසක් බවත් වහාම එය නිවැරදි කර ගන්නා ලෙස සඳහන් කරන රවී කුමුදේශ් මහතා පෙන්වා දෙන්නේ නිදර්ශක ලබා ගැනීම සහා පරීක්ෂණ සිදු කිරිම යනු කාරණා දෙකක් බවත් මහජන සෞඛ්‍ය පරික්ෂකවරු කරන්නේ නිදර්ශක ලබා ගැනීමක් පමණක් සිදු කරන බවය. නමුත් පරික්ෂණ කරන්නේ වෛද්‍ය රසායානාගාර විසින් බවත්ය.

මේ කොවිඩ් පරික්ෂණ නිදර්ශක ලබා ගැනීම මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ට පමණක් සීමා වී නැති බව පෙන්වා දෙන ඔහු පවසන්නේ හමුදාපතිවරයා පවසන පරිදි මේ පරික්ෂණ අවම වී ඇත්තේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ ඇති ගැටලු නිසා බවය. නමුත් එය එසේ සීමා වි නැති බව රවී කුමුදේශ් මහතා පවසයි. මේ වන විට වෛද්‍ය රසායානගාර අංශයේ නිලධාරීන් 200 ක් රට පුරා මේ කටයුත්තේ නියැලී සිටින බවද ඔහු සිහිපත් කර සිටියි.

ඒ් නිසා PCR පරික්ෂණ අඩු වීමට එය හේතුවක් ලෙස සලැකිය යුතු නැති බව ඔහු පෙන්වා දෙයි.

මේ අතර සෞඛ්‍ය අමාත්‍යවරයා මේ පරික්ෂණ ගැන කියා තිබුණේ මෙයට හේතුව ලෙස වෛද්‍ය රසායනාගාර ගැටලුවක් බවත් මෙය වැරදි ආකල්පයක් බවද ඔහු පවසයි.

නමුත් මේ වන විට සාම්ප්‍රදායික පි.සි.ආර් පරික්ෂණ රසායනාගාර 27 ක් වෙනුවෙන් රජය මුදල් වැය කරමින් සිටින බවත් රැපිඩ් පි.සි.ආර් යන්ත්‍ර 17 ක් ඇති බවත් පෙන්වා දෙන රවී කුමුදේශ් මහතා පවසන්නේ මේ සියල්ල දැන් ක්‍රියාත්මක ත්ත්වයේ පවතින බවය.

අමාත්‍යවරයාට මේ සම්බන්ධ යම් ගැටලුවක් ඇත්නම් ඒ් සම්බන්ධ සම්පුර්ණ වාර්තාවක් ලබා දීමට සුදානම් බවද ඔහු වැඩිදුරටත් කියා සිටියි.

ශානි

 

Social Sharing
නවතම