පොළොන්නරුව කොවිඩ් මධ්‍යස්ථාන වලට දැඩි සත්කාර ඇඳන් නැහැ – පාර් ලිමේන්තු මන්ත්‍රී කිංස් කුමාර නෙල්සන්

ලංකාවේ කොරෝනා වසංගතය ආරම්භ වූ මොහොතේ සිට වැඩිම රෝගීන් පිරිසකට ප්‍රතිකාර කරන පොලොන්නරුව දිස්ත්‍රික්කයේ එකම රෝහලකවත් කොරෝනා රෝගීන් සදහා දැඩි සත්කාර ඇඳන් එකක්වත් නැති බවත් දිනපතා රෝගීන් 2000ක් පමණ බලා ගන්නා පොලොන්නරුවට දැඩි සත්කාර ඇඳන් පහසුකම ලබා දීමට වහාම කටයුතු කරන ලෙසත් ජනාධිපතිවරයාගෙන් හා සෞඛ්‍ය ඇමතිවරියගෙන් ඉල්ලා සිටින බව ජාතික සමගි ජනබලවේගයේ පොලොන්නරුව දිස්ත්‍රික් පාර් ලිමේන්තු මන්ත්‍රී කිංස් කුමාර නෙල්සන් මහතා පවසයි.

පොලොන්නරුවේ සෞඛ්‍ය අංශ කොරෝනා වසංගතය මුලින් ම ලංකාවට එනකොට වැලිකන්ද රෝහල කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කරලා රෝගී සත්කාරක සේවා ආරම්භ කරමින්  පොලොන්නරුවේ ජනතාව හා සෞඛ්‍ය අංශ ඒ අභියෝගය භාර ගත් බව සිහිපත් කරන ඒ් මහතා පවසන්නේ අදත් වැඩිම ආසාදිතයින් පිරිසක් ප්‍රතිකාර ලබා ගන්නේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ බවද ඔහු කියා සිටියි.

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ කෝවිඩ් ආසාධිතයන් ඉන්න රෝහල් දෙකක් තිබුණත් ඒවාට කිසිම පහසුකමක් නැති බව පෙන්වා දෙන ඒ් මහතා පවසන්නේ දැඩි සත්කාර ඇඳන්  එකක්වත් නැති නිසා ඒ අයව අනුරාධපුරයට හරි කොළඹට හරි අරන් යන්න සිදු වෙන බවය. රෝගීන් බලා ගන්න මධ්‍යස්ථාන 08 ක දිනපතාම වාගේ 2000කට වැඩියෙන් රෝගීන් සිටින බවත් ඔහු සිහිපත් කර සිටියි.

අද මේ කොරෝනා මර් දන වැඩපිළිවෙල ගැන ජනතාවගේ විශ්වාසයක් නැති බවත් එන්නත්කරණ වැඩපිළිවෙල හමුදාවත් එක්ක කරගෙන යන එක ගැන කිසි ගැටලුවක් නැති බවත් නමුත් මේ එන්නත්කරණය කොරෝනා රටට ඇතුල්වෙනකොටම ගෙනාවා නම් මේ වෙනකොට එන්නත් මාත්‍රා දෙකම දී ඉවර කිරීමට තිබු බව ඒ් මහතා පවසයි.

විශේෂයෙන් ම සෞඛ්‍ය ඇමතිවරියගෙන් ඉල්ලා සිටින්නේ පොලොන්නරුව ට ඉතාම ඉක්මනින් දැඩි සත්කාර ඇදන් පහසුකම ලබා දෙන ලෙස බවද ඔහු වැඩිදුරටත් කියා සිටියි.

ඒ මහතා මේ බව පැවසුවේ (14) පොලොන්නරුව මහ රෝහලට හා හිගුරක්ගොඩ රෝහලට අවශ්‍ය ඔක්සිජන් ජෙනරේටර් යන්ත්‍ර දෙකක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක් වෙමින් මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.පොලොන්නරුව මහ රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සම්පත් ඉන්දික කුමාර මහතා ඇතුළු පිරිසක් එම උපකරණ භාර ගත්හ.

ඊෂා  මුදියන්සේ පොලොන්නරුව

Social Sharing
නවතම