විශේෂඥ වෛද්‍යවරු ලෙස පෙනී සිටින වෘත්තීය සමිති නායකයෝ කියන විදිහට රට වහන්නේ නැහැ – රාජ්‍ය අමාත්‍ය චන්න ඡයසුමන

විශේෂඥ වෛද්‍යවරු ලෙස පෙනී සිටියට වෘත්තීය සමිති නායකයෝ ලෙස පෙනී විද්වත් සංගමයක සභාපති ලේකම් කියලා නම් දාගත්තට ඒ අය කියන කියන විදියට නටන්න අපි ලෑස්ති නැහැ.රට වහන්න මේ වෙන කොට අදහසක් නැහැ යැයි ඖෂධ නිෂ්පාදන සැපයීම් හා නියාමනය පිළිබද රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසුවේය.

ඒ මහතා මේ බව කියා සිටියේ අද  (15දා) අනුරාධපුර දිස්ත්‍රික්කයේ ග්‍රාමීය රෝහල් දහයකට පිවිතුරු හුස්මක්-සෞඛ්‍යාරක්ෂිත හෙටක් සුවැති දිවියක් උදෙසා එල්.ජී සමාජ සත්කාරක මෙහෙවරට අනුව විෂබීජ නසන එල්.ජී අබාන්ස් ඉන්වර්ටර් වායූ සමීකරන ලබාදීමේ ව්‍යාපෘතියට එක්වෙමින්ය.එහිද වැඩි දුරටත් කථා කළ රාජ්‍ය අමාත්‍යවරයා.

ශ්‍රී ලංකාවේ තත්වයක් මේ වෙනකොට දරුණුයි ඒක හංගන්න දෙයක් නැහැ ඉදිරි සති දෙක ඉතාමත්ම තීරණාත්මකයි රෝගීන් වැඩි  ප්‍රමාණයක් වාර්තා වෙන්න පුළුවන් කාල සීමාවක් තමයි ඉදිරියේදී එන්නෙ. ඒ නිසා අත්‍යවශ්‍යම කටයුතු වලට හැර තමන්ගේ නිවෙස් වලින් එළියට යන්න එපා. එහෙම ගිහින් නිරාවරණය වුණාම වෛරසය හැදෙන්න පුළුවන් කියන එක හිතේ තබා ගෙනම එළියට යන්න ඕනේ.ඩෙල්ටා ප්‍රභේදය ලෝකය පුරා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතිනවා මීට පෙර සීඝ්‍රයෙන් වර්ධනය වුණේ ඉන්දුනීසියාවේ සහ ඉන්දියාවේ.

මේ වන විට අපේ රටෙත් සීඝ්‍රයෙන් පැතිරෙමින් යනවා.විශාල ප්‍රමාණයක් දිනකට ජීවිතක්ෂයට පත්වෙනවා රෝගී වෙනවා.මේ තත්ත්වයට මුහුණ දෙන්න, පාලනය කරන්න, අපි සියලුම කැපකිරීම් කරනවා. මේ වැඩ පිළිවෙලක් සමඟ අපි එකාවන්ව කටයුතු කරන්න ඕනේ.

එහෙම කියන්නේ මේ ඩෙල්ටා ප්‍රභේද වෛරසය ඉතාමත්ම දරුණු එකක්.එය ලෙහෙසියෙන් ඇගේ ඇලෙන්න පෙනහලු වලට හානි කරන්න, සිරුරට හානි කරන්න තියෙන ප්‍රවණතාවය වැඩියි.

එය ඔළුවේ තබාගෙන කල්පනාකාරීව වගකීමෙන් වැඩ කළ යුතුයි. මේක නීති රීති දාලා විතරක් පොලිසියට යුද හමුදාවට අතින් අල්ලලා පාලනය කරලා නතර කරන්න පුළුවන් එකක් නෙවෙයි.

හැමෝම මේක තම තමන් තේරුම් අරගෙන බොහොම අවබෝධයෙන් වැඩ කටයුතු කරන්න ඕන කාලසීමාවක්. ඇතැම් රටවල මේ වෙනකොට ඩෙල්ටා ප්‍රභේදයේ  විකෘතියත් සමග වෙන වෛරස් නිර්මාණය වෙලා තිබෙනවා.මෙතෙක් එම ප්‍රභේද ලංකාවෙන් වාර්තා වෙලා නෑ. එහෙම වෙන්න බැරි කමකුත් නැහැ.බොහෝ රටවල මේ වෙන කොට ලැම්ඩා සහ එක්ස්සයිලන් කියලා ප්‍රභේද දෙකක් පැතිරෙමින් යනවා.

මෙයින් එක්ස්සයිලන්ඩ් නැමැති ප්‍රභේදය දැනට හදුනාගෙන තිබෙන ඩෙල්ටා ප්‍රභේදයටත් වඩා භයානකයි. එය එන්නත් වලටත් ප්‍රතිරෝධී ආකාරයට නිර්මාණය වෙච්ච ප්‍රභේදයක්  කියලා තමයි වෛද්‍ය විශේෂඥ ප්‍රකාශ කරන්නේ. ඉදිරියේදී ඇති වෙන්න පුළුවන් වෙනත් ප්‍රභේද අපට නවත්තන්න පුළුවන් දෙයක් නෙමෙයි ඒ සඳහා අපිට සූදානම් වෙන්න වෙනවා.

විශේෂයෙන් කිව යුතුයි. අපි ඉන්දියාවෙන් ඔක්සිජන් තොග ලබා ලබා ගන්න මූලික කටයුතු සිදු කලේ මීට මාස කිහිපයකට පෙර.ලංකාවේ ඔක්සිජන් නිෂ්පාදනය කාර්මික දෝෂයක් මත හෝ මොන යම් හේතුවක් මත අඩපණ වුනොත් ඒ සඳහා මුහුණ දීමට තිබෙන විකල්ප මොනවද කියලා අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා කටයුතු යොදලා තිබුණා මෙම තොග ගෙනෙල්ලා ගබඩා කරගෙන අපට දින කීපයක් සදහා අවශ්‍ය  ඔක්සිජන් ප්‍රමාණයට වඩා අතිරික්තයක් තබා ගත යුතුයි.

කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රජය සෞඛ්‍ය බලධාරීන් කියන දේ  අහන්නෙ නෑ කියලා විපක්ෂයේ පිරිස් නගන චෝදනා සම්බන්ධයෙන් පළමු වෙන්ම සොයා බලන්න ඕනේ.

මේ අය කියන මේ බලධාරීන් කවුද කියලා.සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙය සම්බන්ධයෙන් කටයුතු කරන නිල කමිටු කිහිපයක් තිබෙනවා. ඒවගේම වසංගත රෝග විද්‍යා ඒකකයක් තියෙනවා.

ජනාධිපති කාර්ය සාධන බලකායක් තිබෙනවා. මේ සඳහා විවිධ පාර්ශවයන් ඔවුන්ගේ උපදෙස් ලබා දෙනවා. නිර්දේශ ලබා දෙනවා.ඊට පරිබාහිරව කටයුතු කරන වෘත්තීය සමිති සහ තවත් අධ්‍යන ආයතන කණ්ඩායම් ඉන්නවා.

නිල වශයෙන් අපට ලැබෙන උපදෙස් නිර්දේශ වලට අනුව වැඩ කරන්න අපි බැඳිලා ඉන්නවා. හැබැයි දේශපාලන පක්ෂවල අත කොලු බලල් අත් විදියට වැඩ කරන අය කියන ඒවා කරන්න අපි බැඳිලා නැහැ.

ඔවුන් වෘත්තීය  සමිති වල  වෘත්තී සමිති නායකයන්  විදියට කටයුතු කළ අය. ඔවුන්ට තියෙන අපේක්ෂාව මිනිස්සු මැරෙන එක වත් මිනිස්සු රෝගීන් වෙන එක වත් පාලනය කිරීමවත් නොවෙයි.ආණ්ඩුව පෙරළන එක තමයි අපේක්ෂාව.ඔවුන් මේ වසංගතයට මුවා වෙලා ආණ්ඩුව පෙරළන්න කටයුතු කරනවා.මේක අපි වෙන් කරලා ගන්න ඕනේ.

මෙච්චර කල් නිදාගෙන ඉඳලා දැන් ඇවිල්ලා කිඹුල් කඳුළු හලනවා.ඒවා ගැනත් අපි හොඳ අවධානයෙන් ඉන්නෙ.මේ අය මොනවද කියන්නේ කියන එක අපි හොඳට දන්නවා. විශේෂයෙන් අපි දන්නවා සංචාරණ සීමා තද කළ යුතුයි.ජනතාව නිවසින් එළියට එන එක වැලැක්වීම සඳහා සියලුම පියවර ගත යුතුයි. ඒක මුවාවෙන් තමන්ගෙ දේශපාලනය කරන්න එනවා නම් අපි ඒකට ඉඩ දෙන්නේ නැහැ.

හැබැයි අපි බලන්න ඕනේ එදිනෙදා හම්බකරන් කන අය ගැන. ඒ අය එදා දවස හම්බකරන් කන එක ගැනත් අපි බලන්න ඕනේ ගෙයින් එලියට යන එක මෙහෙම නවත්ත බෑ.නීතියෙන් කරන්න තියෙන දේ අපි හිතලා මතලා බුද්ධියෙන් කටයුතු කරන්න පුළුවන්.අත්‍යවශ්‍ය දේකට ඇරෙන්න නිවසින් එළියට යන එක අපි විසින්ම නවත්තගමු.

මෙම අවස්ථාවට අබාන්ස් එල්.ජී ආයතනයේ ප්‍රධාන අලවි විධායක බුද්ධික ධර්මවර්ධන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි රුවන් ගුණසේකර අලවිසන්නාම කලමණාකරු චරිත් ප්‍රනාන්දු සහකාර කලමණාකරු නිරෝෂන් මුරුගයියා ඇතුළු නිලධාරින් පිරිසක් එක්ව සිටියහ.

අනුරාධපුර මහේෂ් විජේසූරිය

Social Sharing
නවතම