නව සමසමාජ පක්ෂයේ (NSSP) ප්‍රධාන ලේකම් මහාචාර්ය වික්‍රමබාහු කරුණාරත්න ට අද ( 16 ) උදේ 10 ට කොම්පඤ්ඤවීදිය පොලීසියේ CID අංශයට පැමිණෙන ලෙස දැනුම් දී ඇත.
මුස්ලිම් ජාතිකයන්ට පක්ෂ සාමාජිකත්වය ලබා දෙන්නේ ඇයිදැයි මීට ඉහතදී පොලීසිය පක්ෂයේ ලේකම්ගෙන් ප්‍රශ්න කර ඇති බව නව සම සමාජ පක්ෂය නිවේදනය කර තිබේ.
සුලු ජාතීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින වාමාංශික නායකයන් දඩයමකට රාජපක්ෂ පාලනය ක්‍රියා කරන බවටත් එම පක්ෂය චෝදනා කරයි.
“ගෝඨාගේ පැසිස්ට් තන්ත්‍රය මේ ජාතිවාදී දඩයම කරන්නේ සුලු ජාතීන් මෙන්ම ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින වාමාංශික ප්‍රගතිශීලී නායකයන් දඩයම් කිරීමට බව පැහැදිලියි.”
සියලු ප්‍රජාතන්ත්‍රකාමී බලවේග එක්සත්ව මේ දුෂ්ඨ, ඒකාධිපති හමුදා-පොලිස් පාලනය පෙරලා දැමීමෙන් තොරව පීඩිත ජනතාවට ගැලවීමක් නොමැති බව එම පක්ෂය වැඩි දුරටත් නිවේදනය කර තිබේ.