විමුක්ති දේශපාලනයට එන්නේ නැහැ – හිටපු ජනාධිපතිය තහවුරු කරයි.

හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා පහුගියදා මාධ්‍ය හමුවක් කැඳවමින් මේ රටට අවශ්‍ය සැබෑ දේශප්‍රේමියෝ බවත් ඒ් සඳහා තමන් පෙරමුණ ගන්නා බවත් පවසා තිබුණි. එහිදි ඔහු පවසා තිබුනේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ පුත් විමුක්ති කුමාරතුංග මහතා දේශපාලනයට පැමිණෙන බවත් ඒ් සඳහා මේ සියල්ල සුදානම් වන බවත්ය.

නමුත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසා සිටින්නේ තම පුතු ක්‍රියාකාරී දේශපාලනයට පැමිණෙන බවට යන කථා සම්පුර්ණයෙන්ම අසත්‍යය බවය.

ඇය ඊයේ (07) දින සිය මුහුණු පොත හරහා මේ පිලිබඳ සටහනක් තබමින් කියා ඇත.

ඇය තැබු සටහන මෙසේය.

විමුක්ති  කුමාරතුංග  දේශපාලනයට පිවිසෙන බවට මේ දිනවල ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍යවල පැතිර යන අසත්‍ය ප්‍රචාරය සම්බන්ධවයි.

විමුක්ති  කුමාරතුංග  ක්‍රියාකාරී දේශපාලනයට පිවිසෙන බවට මේ දිනවල අසත්‍ය ප්‍රචාරයක් ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය හරහා පැතිරෙන පුවත සම්පූර්ණයෙන් අසත්‍ය ප්‍රකාශයක් වන අතර එය සම්පූර්ණයෙන් ප්‍රතික්ශේප  කරමි.

ඔහුට දේශපාලනයට පැමිණීමේ කිසිදු අවශ්‍යතාවක් හෝ ආසාවක් නොමැති අතර දේශපාලනය වෙනුවෙන් බණ්ඩාරනායකවරුන් සිදු කළ කැපකිරීම් සහ ලද පීඩාවන් ඔහුට ද උරුම කරවීමේ කිසිදු අදහසක් මට ද නොමැත.

ඔහු අප රටට බෙහෙවින් ආදරය කළද, රට වෙනුවෙන් සේවය කළහැකි එකම ක්‍රමය දේශපාලනය නොවන බව ද පවසනු කැමැත්තෙමි.

එබැවින් මෙවැනි අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන මෙන් සියලු ජනතාවගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමි.

මෙයට

හිතවත්

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග

 

Social Sharing
නවතම