වරායේ රැකියා අහිමි කරන කැබිනට් පත්‍රිකාව අහෝසි කරනු !

දකුණු ආසියානු සේවා සැපයුම් මධ්‍යස්ථානය ඉදිකිරීමට  මුවා වී වරාය අධිකාරිය මඟින් සපයන සේවා CICT සමාගමට පැවරීමට ඉදිරිපත් කර ඇති කැබිනට් මණ්ඩල පත්‍රිකාව වහා අහෝසි කරන ලෙස සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය රජයෙන් ඉල්ලා සිටියි.

කොළඹ වරායේ දකුණු ආසියානු සේවා සැපයුම් මධ්‍යස්ථානයක් සඳහා ආයෝජන යන මාතෘකාවෙන් පහුගිය ජුලි 21 වෙනි දින MPS/2021/01/20  (11)   දරණ අමාත්‍ය මණ්ඩල සංදේශය මඟින් දැනට කොළඹ වරායේ වරාය මඟින් සිදු කරන සේවා සැපයුම් සිදු කිරීමට CICT සමාගමට පැවරීමට යෝජනා කර තිබේ.

වරාය මඟින් සිදු කරන සේවා සැපයුම් මෙලෙස පෞද්ගලික සමාගමකට පැවරීමෙන් වරාය අධිකාරියට ලැබෙන විශාල ආදායමක් අහිමි වී යන අතර විශාල සේවක සංඛ්‍යාවකට රැකියා අහිමි වීමක්ද සිදු වේ.

එබැවින් මෙම කැබිනට් මණ්ඩල පත්‍රිකාව වහා අහෝසි කරන ලෙස සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතියේ ප්‍රධාන ලේකම් නිරෝෂන් ගොරකානගේ මහතා වැඩිදුරටත් රජයෙන් ඉල්ලා සිටියි.

ශානි

 

Social Sharing
නවතම