ජිනීවා මානව හිමිකම් කොමිසමේ සැසිවාරය ආරම්භ වීමට නියමිතයි. ඊට පෙර සුපුරුදු පරිදි මානව හිමිකම් කොමිෂන් සභා වාර්තාව එළි දක්වලා තියෙනවා. එහි සෑහෙන කරුණු ගණනාවක් අඩංගුයි. නමුත් ආණ්ඩුව ආණ්ඩුවට හිතවත් මාධ්‍යය පාවිච්චි කරමින් මේවා දේශද්‍රෝහී ක්‍රියා මාර්ග විදිහට වෙනත් ප්‍රතිරූපයක් මවමින් ඉන්නවා. ඇත්තටම මෙම වාර්තාවේ සඳහන් කරුණු වල ස්වරූපය කුමක්ද? මෙහි දී අපි කතා කරනවා ජිනීවාවල තියෙන ප්‍රධාන ආයතන දෙකක් ගැන. පළමුවැන්න මානව හිමිකම් කවුන්සිලය. මානව හිමිකම් කවුන්සිලයේ කියන්නේ රටවල් 47 කින් සැදුම්ලත් කවුන්සිලයක්. එම සංවිධානයේ එහි සාමාජිකයින් වෙන්නෙ රටවල්. රටවල් නියෝජනය කරන්නේ රටවල්වල සිටින ආණ්ඩු. දෙවෙනි එක එක්සත් ජාතීන්ගේ සංවිධානයේ…
Read MoreTag: united nations human rights commission
සීතල ජිනීවා ලංකාව නිසා උණුසුම් වෙයි! – මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රියගේ හෙළිදරව්ව 02
ජිනීවා වල සීතල පරදවා මේ වන විට උණුසුම් වී ඇත්තේ ලංකාව සම්බන්ධයෙන් බවත් මෙවර පැවැත්වෙන ජීනිවා සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහිව සියලු දෙනා බර ආයුධ (Big Guns) භාවිතා කරන්නට පටන්ගෙන ඇතැයිද ඔවුන් සියලු දෙනාම පාහේ උත්සහ දරන්නේ තමන්ගේ මතය නිවැරදි කිරීමට බවද මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය මහතා පවසයි. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජීනිවා වල පවතින තත්ත්වය පැහැදිලි කරමින් ඔහු ඒ බව කියා සිටියේය. පහුගියදා ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම ඉදිරිපත් කළ පිටු 30 කින් යුත් වාර්තාවට ලංකාව කරුණෙන් කරුණට පිලිතුරු දී ඇතැයිද නමුත් ඒ පිලිතුරු කවුරුන් පිලිගනිවීද යන්න තවමත් නිශ්චිතව පැවසිය නොහැකි මුත්…
Read MoreSunanda Deshapriya | ජිනීවා සමුලුවට දෙපැත්තෙන්ම බර ආයුධ
“භූමදානය කරන්න ඉඩ දෙනවා” අගමැති
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබද වාර්තාව තව දින දොළහකින් ජිනීවාහී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී සමාලෝචනය කිරීමට නියමිතව තිබියදී, කොරෝනා වෛරස් ආසාදනය වී මිය යන පුද්ගලයන්ගේ සිරුරු භූමදානය කිරීමට අවසර දෙන බව ශ්‍රී ලංකාවේ අගමැතිවරයා පවසා තිබේ. “භුමදානය කරන්න ඉඩ දෙනවා.” අගමැති මහින්ද රාජපක්‍ෂ පෙබරවාරි 10 බදාදා පාර්ලිමේන්තුවේදී සදහන් කළේ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් විමසු පැනයකට පිළිතුරු ලෙසිනි. රජය විසින් තමන්ගේම කමිටු නිර්දේශ නොතකා හැරීම ගැන බ්‍රිතාන්‍ය මුස්ලිම් කවුන්සිලය සිය කනස්සල්ල පළ කර දෙදිනක් ගත වන මොහොතේ අගමැතිවරයා ආණ්ඩුවේ ස්ථාවරය හෙළි කර තිබේ. ජලයෙන් කොරෝනා වෛරසය බෝ නොවන …
Read More“අපේ අභ්‍යන්තර කටයුතු වලට ඇඟිලි නොගසා ඉන්න එක ඇයට හොඳයි” මිෂෙල් බැෂලේට රතු එළියක්?
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය ඉදිරියේ ශ්‍රී ලංකාවේද සම අනුග්‍රාහයෙන් සමන්විත වු 1/40 නමැති යෝජනාව අනුව 46 වැනි සැසිවාරයට මානව හිමිකම් කොමසාරිස්වරිය විසින් ඉදිරිපත් කළ යුතු වාර්තාව මේ වන විට ඉදිරිපත්ව ඇත. එහි අඩංගු කරුණු හේතු 02 ක් මත ආණ්ඩුව විසින් එම වාර්තාව ප්‍රතික්ෂේප කරන බව මීට පෙර විදේශ කටයුතු පිලිබඳ අමාත්‍යවරයා මෙන්ම, අමාත්‍ය උදය ගම්මන්පිල මහතාද පවසා තිබුණි. එම වාර්තාවේ 21 වෙනි කරුණට අනුව මහජන ආරක්ෂක අමාත්‍ය ධුරයට නාවික හමුදාවේ සේවය කළ සරත් වීරසේකර මහතා පත් කිරීම ගැන සඳහන් කර ඇත. ඒ සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා…
Read Moreමානව හිමිකම් කොමසාරිස්වරිය අනුගමනය කරන්නේ දෙබිඩි පිලිවෙතක් – ගම්මන්පිල
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙල් බැෂලේ මහත්මිය බෙදුම්වාදී කොටි සංවිධානයේ බළල් අතක් බවට බලශක්ති අමාත්‍ය, සම කැබිනට් ප්‍රකාශක උදය ගම්මන්පිල මහතා චෝදනා කරයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය ඉදිරියේ ශ්‍රී ලංකාවේද සම අනුග්‍රාහයෙන් සමන්ත වූ 1/40 නමැති යෝජනාව අනුව 46 වැනි සැසිවාරයට මානව හිමිකම් කොමසාරිස්වරිය විසින් ඉදිරිපත් කළ යුතු වාර්තාව මේ වන විට ඉදිරිපත්ව ඇති අතර එහි අඩංගු කරුණු හේතු 02 ක් මත ආණ්ඩුව විසින් ප්‍රතික්ෂේප කරන බව මීට පෙර අමාත්‍යවරයා විසින් දන්වා සිටින ලදි. මෙහි අඩංගු අන්තර්ගතය පිලිබඳ අවධානය යොමු කරමින් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසන්නේ එම…
Read Moreජිනීවා… ආයෙත් ඇවිදින්
ජිනීවා.. ජීනිවා පසුගිය කාලයේ ලංකාවේ වැඩියෙන්ම කතා වූ නගරය.. දේශප්‍රේමීන්ට අනුව බටහිර රාජ්‍ය අපේ රට පාවාදීමට පිඹුරුපත් සකස් කරන නගරය. රාජ්‍ය නොවන සංවිධාන රටට එරෙහිව ගතු කේළම් කියන නුවර, දෙමළ ඩයස්පොරාව ලංකාවට එරෙහිව දේශපාලණ කුමන්ත්‍රණ කරන නුවර.. ලෙස ප්‍රචලිතය. පසුගිය මාස කිහිපය තුළ මේ නුවර ගැන එතරම් කතා බහක් තිබුනේ නැතත්, ඔන්න ආයෙත් ජීනීවා ගැන කතාබහ ආරම්භ වෙලා. ඒ, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරය පෙබරවාරි මාසයේ 22 සිට ජීනීවා නුවර දී පැවැත්වීමට නියමිතව ඇති නිසාත්, එහි දී විශේෂයෙන් ශ්‍රී ලංකාව පිළිබදව සාකච්ඡා වීමට නියමිත වී තිබීමත් නිසාය.…
Read Moreශ්‍රී ලංකා රජයට විරුද්ධව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ යෝජනා!
යාපනය විශ්ව විද්‍යාලය තුළ පිහිටුවා තිබූ මුල්ලිවයිකාල් අනුස්මරණ ස්මාරකය බලහත්කාරයෙන් කඩා හෙලීමත් සමග ඇති වූ ජාත්‍යන්තර විරෝධය මගින් ජිනීවාහිදී ශ්‍රී ලංකාවට එරෙහිව දැඩි ක්‍රියාමාර්ගයක් සඳහා වූ ඉල්ලීම් යළිත් වරක් පණ ගන්වා තිබේ. 1997 සිට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ මිචම් සහ මෝර්ඩන් ආසනය නියෝජනය කරන බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂයේ ප්රමුඛ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන ශිවෝන් මැක්ඩෝනා, මීලඟ මාර්තු මාසයේ රැස්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ප්‍රබල යෝජනාවක් ගෙන එන ලෙස බ්‍රිතාන්‍ය රජයෙන් ඉල්ලා ඇත. ශ්‍රී ලංකාවේ මානව හිමිකම්, යුක්තිය සහ වගවීම ප්‍රවර්ධනය කිරීම හා ආරක්ෂා කිරීම සඳහා ප්රබලතම කොන්දේසි ඇතුලත්…
Read MoreTNA ගෙන ඒමට සැරසෙන මානව හිමිකම් යෝජනාවට විග්නේෂ්වරන්ගෙන් සැර ලිපියක්!
ශ්‍රී ලංකා රජයට දෙමළ ජනතාවගේ ගැටළු විසදීමට තවත් කල් ලබා දිය යුතු බවට ජීනිවා මානව හිමිකම් සමුලුවට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නව යෝජනාවක් ගෙන ඒමට දමිළ පක්ෂ අතර පොදු එකඟතාවයක් ඇති කර ගත යුතු බවට තීරණයක් ගැනීමට දෙමළ ජාතික සන්ධානය මේ දිනවල පියවර ගනිමින් සිටින්නේය. නමුත් මෙම තීරණයට තමිල් මක්කල් තේසීය කුට්ටනී පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී විග්නේශ්වරන් සහ දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි ගජේන්ද්ර කුමාර් පොන්නම්බලම් යන අය ප්‍රතික්ෂේප කර ඇත. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී විග්නේශ්වරන් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන් වෙත ලිපියක් යොමු කරමින් සිය…
Read More