ක්‍රීඩාවෙන් රට ක්‍රීයාශීලි කරමින් ආර්ථිකය ගොඩනඟන හැටි ඇමති නාමල් කියයි.

Namal Rajapaksa ministry of youth and sports sri lanka

රටේ සෑම ප්‍රදේශයකම තරුණ, වැඩිහිටි අය පා පැදි ධාවනය සදහා යොමු වී ඇති බවත් ඒ නිසාම මේ වන විට රටේ වැසී තිබු බයිසිකල් වින්කල් යළි විවෘත වන තත්ත්වයකට පත්ව ඇතැයිද ක්‍රීඩාවෙන් ආර්ථිකය දියුණු වන්නේ එලෙස බවද තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි. එමෙන්ම ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ ක්‍රියාශීලීම රට බවට පත්කිරීමේ ඉලක්කය සපුරා ගැනීමෙන් හොඳ ජීවන රටාවක් සහ පවුල් සංස්කෘතියක් නැවත වතාවක් අපේ රටේ ඉස්මතුකර ගැනීමට බලාපොරොත්තුවන බවද ඔහු සඳහන් කරයි. තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය, ලංකා ස්පෝට්ස් රයිසන් (LSR) ආයතනය සමඟ එක්ව සංවිධානය කරන නවතම වැඩසටහන වන “ෆැමිලි…

Read More

මම ආණ්ඩුව දාලා යන්නේ නෑ. ආණ්ඩුව මාව දාල ගියොත් තමයි! – ඇමති විමල්ගේ කෙටි උත්තර

I will not leave the party Wimal Weerawansa

අමාත්‍ය විමල් වීරවංශ මහතා යනු මේ දිනවල දේශපාලන වේදිකාවේ ආන්දෝලනාත්මක චරිතයකි. ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පොදුජන පෙරමුණේ සක්‍රීය දායකත්වයක් ලබා දිය යුතු බව පුවත්පත් සාකච්ඡාවකට ලබා දීමෙන් පසු පොදුජන පෙරමුණෙන් එල්ල වුයේ දැඩි විවේචනයකි. විශේෂයෙන්ම අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ පිලිබඳව විවේචනය කර තිබු අතර පොදුජන පෙරමුණේ සියල්ලන්ම කලබලයට පත්ව තිබෙනු දැකිය හැකි විය. පක්ෂයේ අභ්‍යන්තර කටයුතු සම්බන්ධයෙන් ඔහුට බලපෑම් කළ නොහැකි බව සෘජුව ප්‍රකාශ විය. මේවන විට පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් හා ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරුන් අතර ඇත්තේ බෙදිමකි. මේ අතර ඊයේ (19) දින කොලඹ පැවති උත්සවයකින් අනතුරුව…

Read More

පොහොට්ටුවෙන් අරියාදු එපා! – ජා.නි.පෙ අයැදියි!

Sri Lanka Podujana Peramuna Jathika Nidahas Peramuna

විමල් වීරවංශ මහතා දේශපාලන පක්ෂයකට අත පෙවීමක් නොකළ අතර ඔහු සිදු කළේ අදහසක් ප්‍රකාශ කිරීම පමණක් යැයිද මොරටුව නාගරික මන්ත්‍රී සුරේෂ් ඉන්දික මහතා පවසයි. කොළඹ දිස්ත්‍රික් පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ මාධ්‍ය හමුවක් කැඳවමිනි. ජාතික නිදහස් පෙරමුණේ නායක, අමාත්‍ය විමල් වීරවංශ මහතා සිදු කළ ප්‍රකාශයක් වැරදියට වටහා ගැනීම නිසා මේ වන විට සමාජයේ වික්ෂිප්ත භාවයක් මතුව ඇතැයිද බිම් මට්ටමේ ඇති තත්ත්වය පොදුජන පෙරමුණේ නායකයින් තේරුම් ගත යුතුව ඇතැයිද ඔහු පවසයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පොදුජන පෙරමුණ තුල සක්‍රීය දේශපාලනයේ යෙදීමට ඉඩක් ලබා දිය යුතු බවට අමාත්‍ය විමල් වීරවංශ මහතා සිදු කළ ප්‍රකාශයෙන්…

Read More

පොලිස් ඇමැතිගේ නව ප්‍රතිපත්තිය, යුක්තිය පසිඳලීමට කරන මරු පහරක්!

Rear Admiral Sarath Weerasekara Minister of Public Security

අත් අඩංගුවට ගන්නා සැකකරුවන්ගේ ඡායාරූප සහ විස්තර මින් ඉදිරියට මාධ්‍යයට නිකුත් කිරීමට පොලිසිය බාර අමාත්‍යවරයා ගෙන ඇති තීරණය රටේ ඉහලම  නීති උපදේශකයන්ගේ සහ සිවිල් සමාජ ක්‍රියාධරයන්ගේ හෙලා දැකීමට ලක් වද්දී, අමාත්‍යවරයාගේ ප්‍රකාශය මාධ්‍ය නිරීක්ෂකයන් විසින් සමාජ සංවාදයකට ලක් කර තිබේ. මහජන ආරක්ෂාව පිළිබඳ රියර් අද්මිරාල් සරත් වීරසේකර අමාත්‍යවරයා සිදු කිරීමට යන ක්‍රියාව යුක්තිය පසිඳලීමට එල්ල කරන මරු පහරක් ලෙසින් අධිකරණ අමාත්‍යාංශයේ ප්‍රධාන නීති උපදේශකගේ හෙලා දැකීමට ලක්වෙද්දී මාධ්‍ය හමුවක් පවත්වමින් අලුත් පියාපත් සංවිධානය පවසා තිබුනේ සැකකරුවන්ගේ ඡායාරූප සහ විස්තර  මාධ්‍යයට නිකුත්  කිරීම ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි මෙන්ම පුද්ගලික අයිතීන් උල්ලංඝනය කිරීමක් ලෙසිනි.…

Read More

සැකකරුවන්ගේ ඡායාරූප මාධ්‍යයට මුදා හැරීම සුදුසුද?

Photos of the suspects Rear Admiral Sarath Weerasekara

මෙරට සිදුවන කාන්තා හා ළමා හිංසනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා සැකකරුවන් හඳුනා ගැනීමෙන් පසුව අධිකරණයේ නඩු පවරන අතරම ඔවුන්ගේ ඡායාරූප, තොරතුරු මාධ්‍යයට මුදා හරින බව පහුගියදා (12) මහජන ආරක්ෂක අමාත්‍යාංශය භාර අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහතා ප්‍රකාශ කර තිබුණේය. ඒ තුලින්වත් ලැජ්ජාවක් හෝ බියක් ඇති වී මේ අපරාධ රැල්ල යම් ප්‍රමාණයකට හෝ නැවැත්විය හැකි බව ඔහු විශ්වාස කරන බවද එහිදී ප්‍රකාශ කර තිබුණි. යුක්තිය පසඳලීමට මරු පහරක්! නමුත් මේ සම්බන්ධයෙන් ජනාධිපති නීතිඥ යු.ආර්.ද සිල්වා මහතා පෙන්වා දෙන්නේ සාධාරණ සැකයකින් තොරව ඔප්පු කරන තුරු යම් පුද්ගලයෙකු නිවැරදි බව නීතියේ සඳහන් කර තිබියදී…

Read More

ඇමතිවරු පුලන්නන් වූ කල!

sri lanka podujana peramuna government

ඉතිහාසය තුළ බිහි වූ ඉතා ශක්තිමත් රජයක් ලෙස සැලකෙන වර්තමාන රජයේ ඇමති මණ්ඩලය පසුගිය දින වල සිදු වූ ඇමති මණ්ඩල පත්කිරීම් හා වෙනස් වීම්, අමාත්‍ය මණ්ඩල විෂය පතයන් වෙන් කිරීම් හා ඒ ඒ අමාත්‍යංශයන් වෙත තිබු විවිධ ආයතන වෙනස් කිරීම් සිදු කිරීම සම්බන්ධව යම් නොසන්සුන් තාවයකට පත්ව තිබේ. මේ අතර පසුගිය දා ජනාධිපතිවරයා විසින් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමගම මෙම තත්ත්වය තවත් උත්සන්න වන තත්ත්වයක් නිර්මාණය විය. 20 වන ව්‍යවස්ථාව හරහා අගමැතිවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය හා පාර්ලිමේන්තුව වෙත පැවරී තිබෙන බලය සෑහෙන දුරකට පාලනය වන නිසා ඊට…

Read More