ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 51 ක විදේශ ණය ගෙවීම පැහැර හැර ඇති බව ජාත්‍යන්තර පුවත් සේවා රැසක් වාර්තා කරයි. එහිදී ශ්‍රී ලංකාව සිය දරුණුතම ආර්ථික පසුබෑමට මුහුණ දී ඇති බවත් ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීමට විදේශීය විනිමය අවසන්වීමෙන් පසු මෙම පියවර අවසාන විකල්පය ලෙස ගෙන ඇතැයි ප්‍රංශ පුවත් සේවය වාර්තා කරයි. එමෙන්ම මේ වනවිට ලංකාවේ ආර්ථික අර්බුදය හේතුවෙන් නිරන්තරයෙන් විදුලි ඇනහිටීම සහ ආහාර සහ ඉන්ධන වල උග්‍ර හිගයක් ඇතිව තිබෙන බවත් එම වාර්තාවේ දැක්වෙයි. ශ්‍රී ලංකාව පසුගිය වසරේ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතන විසින් පහත හෙළා ඇති අතර ණය රැස්…
Read MoreTag: sri lanka debt crisis
ස්වාධීන මන්ත්‍රීවරු – ජනාධිපති සාකච්ඡා අසාර්ථකයි.
ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කළ මන්ත්‍රීවරුන් 41 දෙනා සහ ජනාධිපතිවරයා අතර පැවති සාකච්ඡාව එකඟතාවයකින් තොරව අවසන් වී තිබෙන බව වාර්තා වෙයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ එම මන්ත්‍රී කණ්ඩායම අතර සාකච්ඡාව ඊයේ (10) රාත්‍රී 7 ට පමණ ආරම්භ වුණි. එම සාකච්ඡාවේදී ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම් විසින් මීට පෙර ඉදිරිපත් කරන ලද කරනු 11 කින් යුත් යෝජනාවලිය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුව ඇති බව සඳහන්ය. කෙසේවෙතත් එම යෝජනාවලිය සඳහා ජනාධිපතිවරයා විසින් සංශෝධන කිහිපයක්ද ඉදිරිපත් ඇති බව වාර්තා වේ. රට තුළ මතුව ඇති දේශපාලන ව්‍යාකූලත්වය සම්බන්ධයෙන් ද සාකච්ඡාවට ලක් ව ඇති…
Read Moreඩිෆෙන්ඩර් වලින් රඟපු ඇමතිලා දැන් කෝ?
ගෝඨාභය එක්ක, ජනාධිපති ක්‍රමයත් “ගෝ හෝම්”
මෙතැන විශාල සරදමක් තිබේ. ගෝඨාභයට ගෙදර යන්නැයි කීමෙන් පාරේ සිටින මහජනතාව අද උදක්ම ඉල්ලා සිටින්නේ, ඔහු ජනාධිපති තනතුරෙන් ඉල්ලා අස් විය යුතු බවයි. ඊට අමතරව, ඔහු තමාගේ ගෙදර වන ඇමරිකාවට යා යුතු යැයි කියන අදහසත් එයින් ගම්‍ය කෙරේ. මේ අතර, විධායක ජනාධිපති ක්‍රමය වහා අහෝසි කළ යුතු බව විපක්ෂ නායකවරයා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කොට තිබුණි. විධායක ජනාධිපති ක්‍රමය උපත ලැබුවේ ඇමරිකාවේ ය. ගෝඨා සමග එම ක්‍රමයත් ගෙදර යා යුතු බව කියන විට, ඒ දෙන්නාම යා යුත්තේ එකම රටකට වීමත්, මන පිනවන සරදමකි. මේ වන විට මුළු රටම වීදි උද්ඝෝෂණ මාලාවකින්…
Read Moreඅර්බුදයට ජනපතිගෙන් මරු විසඳුමක්!
මේ අනුව නව මුදල් අමාත්‍යවරයා ලෙස අලි සබ්රි, අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන, විදේශ අමාත්‍යවරයා ලෙස ජී ඇල් පීරිස්, මහාමාර්ග අමාත්‍යවරයා ලෙස ජොන්ස්ටන් ප්‍රනාන්දු පත්වීම් ලැබ ඇත. මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරන ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ පූර්ණ කැබිනට් මණ්ඩලයක් පත් කරන තෙක් පාර්ලිමේන්තුවේ සහ රටේ අනිකුත් කටයුතු නීත්‍යානුකූල සහ ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා මෙම පත් කිරීම් සිදුකළ බවයි.
Read More“අපි හම්බ කළොත් අපි කාලා ඉන්නවා”
‘අපි නං ඔය දේශපාලනේට නැහැ’ කියමින් කාලයක් තිස්සේ පැත්තකට වී සිටි විශාල පිරිසක් වෙති. ඔවුන්ගේ කල්පනාව වුණේ, දේශපාලනය යනු බොරුවක් හෝ වංචාවක් බවත්, ඊට නොගෑවී තමන්ගේ පාඩුවේ කීයක් හෝ හරිහම්බ කරගෙන සිටියොත් හොඳටම ඇති බවත් ය. මොවුන් එසේ කීවේ, දැනට කර්කශ විවේචනයට ලක්ව තිබෙන පක්ෂ දේශපාලනය ගැන පමණක් නම්, ඔවුන්ගේ ඒ කතාවේ යම් ගත යුත්තක් ඇතැයි සිතිය හැකිව තිබුණි. නැත, ඔවුන් අදහස් කෙළේ පටු පක්ෂ දේශපාලනය පමණක් නොව, රටේ සමස්ත රාජ්‍ය පාලනය පිළිබඳ පොදු තේමාවමයි. ඒ අනුව, ශ්‍රී ලංකාකාරයෙකු හෝ යූ.එන්.පීකාරයෙකු නොවී සිටීම පමණක් නොව, ඒ තට්ටු මාරුව ප්‍රශ්න කරන…
Read Moreකඩදාසි නෑ, විභාග කල් යයි!
දකුණු පළාත් පාසල්වල 2021 අවසාන වාර පරීක්ෂණය මාර්තු 25 පටන්ගන්න නියමිතව තිබුණත් එම විභාග උග්‍ර කඩදාසි හිඟය නිසා මැයි මස 06 වෙනිදා දක්වා කල්දමා ඇත. මේ අතර බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරයා පාසැල් වෙත දැනුම් දී ඇත්තේ කඩදාසි නොමැති වීම නිසා ප්‍රශ්ණ පත්‍ර මුද්‍රණය කිරීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බැවින් 9/10/11 ශ්‍රේණී සඳහා අවසන් වාර විභාගය කල් දැමිය යුතු බවය. මෙහිදී හැකියාවක් තිබෙයිනම් ප්‍රාථමික ශ්‍රේණි සඳහා අවසන් වාර විභාගය පාසල් මට්ටමින් පැවැත්වීමට කටයුතු කරන ලෙස ද පාසල් දැනුවත් කර ඇත. මේවනවිට සමහර ශ්‍රේණි සඳහා අදාළ විභාග ප්‍රශ්න පත්‍ර ඇතුළත් සංයුක්ත තැටිද…
Read Moreගෝඨාභය බලයට පත්වීම රටවැසියාගේ මොළේට වාසියක්.
ගෝඨාභය රාජපක්ෂගෙන් රටවැසියන්ට හොඳටම රිදෙන්නට පටන්ගෙන ඇති බව දැන් පැහැදිලියි. එහෙත්, ඒ දුෂ්කර ගමන් මඟ තුළ, මීට කලින් නොවැටහුණු බොහෝ දේවල් අවබෝධ කරගැනීමට රටවැසියන්ට අවස්ථාවක් සැලසී ඇති බවත් පැහැදිලියි. මොළය පෑදෙන එකම ක්‍රමය පොල්ලකින් තඩිබෑම වීම අපේ අභාග්‍යයකි. මේ ලිපියේ අරමුණ, මොළේ පෑදූ අගාධය ගැන කතා කිරීමට වඩා, මොළේට ඇති වී ඇතැයි පෙනෙන සෙත ගැන කතා කිරීමයි. ඊට අදාළ ඉසව් කිහිපයක් මෙසේ ය: ජාතිකවාදයකින් ඉදිරියට යාමට රටකට හැකියාවක් ඇති බවට මෙතෙක් තිබූ විශ්වාසය. හමුදාමය චින්තනයක් රටක සංවර්ධනය කෙරෙහි දායක කරගත හැකි බවට සහ සිවිල් චින්තනයකට වඩා හමුදා චින්තනයක් තුළ කටයුතු…
Read More“එදා වේල” ආණ්ඩුවේ මහා කුමන්ත්‍රණයක්?
බෙහෙත් පෙත්ත, ගෑස් සිලින්ඩරය සහ කිරිපිටි පැකට්ටුව වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ ගණනාවක් සොයාගැනීමට නොහැකි වී ඇති හෝ පෝලිම් ගානේ රස්තියාදු වීමට සිදුව ඇති තත්වයකට අද අප වැටී සිටී. බෙහෙත් පෙත්ත හැරුණු විට ඉතිරි දේවල්වල හිඟයට හිත හදාගැනීමට අකමැත්තෙන් වුවත් මිනිස්සුන්ට පිළිවන. එහෙත්, බෙහෙත් පෙත්ත ගැන හිත හදාගැනීම කෙනෙකුගේ කැමැත්ත/අකමැත්ත උඩ කළ හැකි දෙයක් නොවේ. ඒ නිසා, වෙන ඕනෑම දෙයක් සීමා කරගෙන, අත්‍යාවශ්‍ය සහ හදිසි බෙහෙත් වර්ග වෙළෙඳපොළට සැපයීමට තරම්වත් මොළයක් සහ මානුෂිකත්වයක් පාලකයන්ට තිබිය යුතුය. එය, පාලකයෙකුගෙන් බලාපොරොත්තු විය හැකි අවමයි. 1970-77 කාලයේ මේ රටේ ආර්ථිකයේ මහා හිඟයක් තිබුණි. ඒ මන්දැයි…
Read Moreරාජපක්ෂ සෞභාග්‍යය තුළ, බයිසිකල් හා දර මිටි යළි කරළියට
අද (04) නිදහසට වයස 74 යි. එදා වගේම අදත් දර ලිප කුස්සියට ඇවිත් තිබේ. බයිසිකලය යළිත් පාරට ගන්නැයි ආරාධනා කෙරේ. අතීතකාමී ගතියකින් බලන විට එය ‘දියුණුවකි’. අනික් හැම අතින්ම, පිරිහීමකි. ඒ සා දීර්ඝ කාලයක් ගතකොට අත්කරගෙන ඇති එකී ‘සාර්ථකත්වයේ’ මුදුන් මල්කඩ ගෝඨාභය රාජපක්ෂයි. වරද සහ වගකීම ඔහුගේ පමණක් නොවේ. අප හැමෝගෙමයි. එහෙත්, මේ සා තීව්ර ආකාරයකින් එකී සමස්ත කතාව කෙටිම කාලයකින් විදාරණය කළ ශිල්පියා ඔහු ය. මේ ආණ්ඩුවට නැවත වරක් රට බාර දීමට ජනතාව සූදානම් නැති බව දැන් සක්සුදක් සේ පැහැදිලියි. අද (02) ප්රවෘත්ති වාර්තා දක්වන පරිදි ආසියාවේ මේ මොහොතේ…
Read More